ජනප්රිය ගායිකා ශෂිකා නිසංසලා ජයටම උපන්දිනය සැමරූ හැටි
ගායන ක්ෂේත්රයේ නමක් දිනාසිටින හැමෝගෙම ආදරය ලබන ජනප්රිය දක්ෂ නිහතමානී ගායිකාවක් තමයි ශෂිකා නිසංසලා කියලා කියන්නේ. ඇයට ආදරය කරන බොහෝ පිරිසක් මෙරට වගේම විදෙස් ගතවත් සිටිනවා. ඇයගේ හඩට ආදරය කරන පිරිස බොහොමයි. ඒ හඩ බාවනාවක් කියලා කිවුවොත් හරියටම හරි. එදා වගේම අදත් ඇයට ලැබෙන ජනප්රියත්වයේ කිසිම අඩුවක් නැහැ.
ශෂිකා නිසංසලා කියන්නේ පුතුන් දෙදෙනෙකුගේ ආදරණිය අම්මා කෙනෙක්. දරුවන් සහ ආදරණිය සැමියා සමගින් ඇය ඉතාමත් සතුටින් ආදරයෙන් කාලය ගතකරනවා. ශෂිකා නිසංසලාගේ උපන්දිනය පසුගියදා දී තිබුනා. ඉතින් ඇය මෙවර පවුලේ අය සමගින් සිය උපන්දිනය සමරා තිබුනා. අපිත් ඇයට නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා කියා ප්රාර්ථනා කරමු.