ජගාගේ ’රහස් කියන කඳු’ ජාත්‍යන්තරයට



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රංගන ශිල්පී ජගත් මණුවර්ණ අධ්‍යක්ෂණය කළ 'රහස් කියන කඳු' සිනමා නිර්මාණය ස්වාධීන සිනමාකරුවන් වෙනුවෙන් වූ සිනමා උළෙලක් වන 'රොටර්ඩෑම් සිනමා උළෙලේ ‘බ්‍රයිට් ෆියුචර්‘ අංශයට තෝරාගෙන තිබෙනවා. 

සරත් කොතලාවල, ප්‍රියන්ත සිරිකුමාර, ධර්මප්‍රිය ඩයස්, කළණ ගුණසේකර, සම්පත් ජයවීර, ලක්මාල් ධර්මරත්න, ආනන්ද කුමාරඋන්නැහේ ඇතුළු රංගන ශිල්පීන් රැසක් රහස් කියන කඳු චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබා දී තිබෙනවා. මෙහි තිර පිටපත නාමල් ජයසිංහ සමග ජගත් මණුවර්ණ විසින් සිදු කර තිබෙනව අතර සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදන දායකත්වය ලබා දී තිබෙනවා. 

රහස් කියන කඳු චිත්‍රපටය තවම ලංකාවේ තිරගත  වී නැති අතර ඉදිරියේදී තිරගත කිරීමට බලාපොරොත්තු වන බවද අපට දැනගන්නට ලැබුණා.