ජැක්සන්ගේ මාරක අනතුර ගැන, සේමිණිගෙන් අනාවරණයක් මෙන්න
සේමිණි ඉද්දමල්ගොඩ කියන්නෙ රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය ආකර්ශනය එක සේම දිනාගත්ත කෙනෙක්. ඒ වාගේම අදත් සිනමා තිරයේ විවිධ නිර්මාණ තුළින් ඇය ප්රේක්ෂක ඔබව මුණ ගැහෙනවා. පසුගිය දවසක රංගන ශිල්පී ජැක්සන් ට සිදුවූ මාරක අනතුර ගැන සේමිණිත් යූටියුබ් නාලිකාවක් සමඟ අදහස් හුවමාරු කරගෙන තිබුණා. එය පහතින්.
ලංකාවේ මිනිස්සු ගැන සේමිණි කියන දේ..?
ලංකාවේ මිනිස්සු කියන්නෙ බහුතරයක් කළගුණ නොදත් මිනිස්සු කියලා අපි හොඳටම දන්නවා. මේ වෙලාවේ අපේ ජැක්සන් අයියා ලොකු අනතුරකට මුහුණ දුන්නා. ඇත්තටම ඉතා දරුණු අනතුරක්. හැබැයි ඔහුට බහුතරයක් ජනතා ආශිර්වාදය නිසා ඔහු ඒ අනතුරින් මිදුණා. අපේ රටට ලොකු ප්රශ්නයක් වෙලානේ තියෙන්නෙ. මේ කරදර කාලේ එන්න හේතුවත් ජනතාවමයි. ඒගොල්ලො නිල් කොළ රතු පාටවල්වලයි ඉන්නෙ. ජැක්සන් අයියටත් නරක විදිහට කමෙන්ට් දාලා තියෙන්නෙ. ඒ දරුණු කමෙන්ට් වලට මම හිතන් නෑ ජැක්සන් අයියා කරලා තියෙන පින් දහම් කැපෙයි කියලා.
කමෙන්ට් දැක්කම හිතුණු දේ ?
මම කීපයක් දැක්කා කමෙන්ට්. හැබැයි වැඩිය කියවන්න යන්නෑ. මම ඇත්තටම ඕනෑවට වැඩිය කියවන්න ගියේ නෑ. මම දැක්කා හරිම කැත විදිහට සාප කරලා තිබ්බා. ඒක රිපීට් කරනවා කියන්නෙ මම කරන්නෙත් හොඳ දෙයක් නෙවෙයි. අපේ රට මෙච්චර ප්රශ්නයක ඉද්දි ශාප කරන එක මං අනුමත කරන් නෑ.
දේශපාලනය නිසාද හැමදේම වුණේ?
ජැක්සන් ඇන්තනී කියන්නෙ මුලු රටක් පිනවන කෙනෙක්. ඔහුගේ රඟපෑම් තුළින් අපි කොච්චර සතුටු වෙලා තියෙනවද? රඟපෑමෙන් අපි කොච්චර තෘප්තිමත් වෙලා තියෙනවාද? රංගධරයෙක් විදිහට ඔහුගේ දේ කළා. ස්වාධීන කෙනෙක් විදිහට මතයක් දරන්න අයිතිය තියෙනවා. දේශපාලනය නිසා තමයි මිනිස්සු කැත විදිහට කතා කළේ. කලාකරුවෙක්ට ඇත්තටම දේශපාලනය කරන්න පුළුවන්. මතය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක හරි යන්න වරදින්න පුළුවන්. ඒක අපේ අයිතියක්. කලාකරුවන්ට තියෙනවා ලොකු ආකර්ශනයක්. බොහෝ පිරිසක් රැස් වෙලා ඉන්නවා. හැමෝටම ඒ අයිතිය තියෙනවා නම් ඇයි කලාකරුවෙක්ට නැත්තේ.. සාප කරනවා කියන එක මම හරිම අකැමැති දෙයක්. කොච්චර දරුණු දේවල් කරපු මනුස්සයෙක්ට වුණත් මම මගේ කටින් ශාප කරන් නෑ. අපි බෞද්ධයෝ. කර්මය විශ්වාස කරනවා. මං අර පින් පව් විශ්වාස කරනවා. ගොඩක් දෙනෙක් මේ රජයට ශාපය කරනවා.
කොහොම මුලින්ම මේ ගැන දැනගත්තෙ?
ජැක්සන් අයියගේ අනතුර වෙලා කියන එක උදේ ෆෝන් එක ඔන් කරනකොට මැසේජ් කරලා තිබ්බා. ඒක දැක්කම මාව වෙව්ලන්න ගත්තා. උදේ හතහමාරට විතර ඇති. රේණු අක්කව මතක් වුණා. පස්සෙ සෝමේ අයියට ගත්තා. මට ඒක ඇත්තටම හිතාගන්න බැරිවුණා ඒ දේ.