ජැක්සන්ගේ ආදරණීය ලේලිය බුවී ජැක්සන් ගැන කියූ සුබ පණිවුඩය මෙන්න
මේ වන විට ප්රතිකාර ලබමින් සිටින ප්රවීණ නළු ජැක්සන් ඇන්තනීගේ තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව, ඔහුගේ ආදරණීය ලේලිය, සජිතගේ ආදරණීය බිරිඳ ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරනවා. එසේම, ජැක්සන් වෙනුවෙන් ඉක්මන් සුව පැතූ සියලු දෙනාට ස්තුතියි කියන්නත්, පින් දෙන්නත් බුවී අමතකර කර නැහැ. ඇය තැබූ සටහන පහතින්.
අප්පච්චිට ඉක්මන් සුවය පැතූ හැමෝටම ගොඩාක් පිං. ඔයාලගේ ආශිර්වාදයෙන් අපේ හිතට ගොඩක් ශක්තියක් වුණා. කලින්ට වඩා අප්පච්චිට දැන් ගොඩක් සුවයි. හැබැයි තවම සිහිය නම් නෑ. අප්පච්චි වෙනුවෙන් ශ්රි ලංකාවේ වගේම ඉතාලියේ සහ අනිකුත් රටවල් වල බෝධි පූජා සහ ආශිර්වාද පින්කම් පැවැත්වූ හැමෝටම ගොඩක් පිං. ඒ් වගේම මාධවී අක්කයි අකිල අයියයි අපේ අම්මායි දිවා රෑ නොබලා හැමදාම වගේ බෝධි පූජා පවත්වනවා. ඒ් පින් බලෙන්ම අප්පච්චිට සිහිය ලැබේවා කියලා ප්රාර්ථනාවක් කරනවා.