ජැක්සන්ගේ ආදරණීය බිරිඳ සංවේදීව කළ ඉල්ලීම මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රිය අනතුරකට ලක්වුණු ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී තවමත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමිනුයි පසුවන්නෙ. ඔහුගේ තත්ත්වය යන්තමින් සුව අතට හැරෙමින් පවතින බවයි ඔහුගේ බිරිඳ වන කුමාරි මුණසිංහ සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ. එසේම ජැක්සන් ගැන ව්‍යාජ පුවත් මවමින් යුටියුබ් නාලිකා කිහිපයක් ගෙන යන පහත් ක්‍රියාවට ඇය මෙසේ සිය විරෝධය පළ කර තිබුණා.

"ලංකාවේ ඉන්න හුඟක් දෙනෙක්, අධ්‍යාපනයෙන් අඩු මට්ටමක ඉන්නකොට, ජීවත් වෙන්න විදිහක් නැතිවුණාම නොයෙකුත් උපක්‍රම යොදාගෙන ජීවත් වෙන්න දේවල් කරනවා. ඔය යූටියුබ් කියන එක සමහරු පාවිච්චි කරනවා, සමහර අයගේ දුක වේදනාව විකුණන් කන්න. ජැක්සන් ගැන කියනවා නම්... අපිට තියෙන වේදනාව අසනීප මාකට් කරගෙන එයාලා භාවිතා කරනවා. මේ සියල්ල බොරු. ජැක්සන් ගොඩ නඟාගත්ත ඔහුගේ අධ්‍යාපනය, ජීවිතේ වටිනාකම එක්ක ලොකු තැනක ඉන්නවා. ජැක්සන්ගේ නම දැක්ක ගමන් මේක ඕපන් කරනවා. මම ඔබගෙන් ඉල්ලන්නෙ කරුණාකරලා ඒ වගේ දේවල් ඕපන් කරන්නත් එපා.."