ජැක්සන් ඇන්තනීගේ සුව දුක් බැලීමට හිටපු ජනපති යයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හදිසි රිය අනතුරකින් බරපතළ තුවාල ලබා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ සුවදුක් විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙරේදා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. 
 
මෙහිදී හිටපු ජනාධිපතිවරයා, ජැක්සන් ඇන්තනිගේ තත්ත්වය පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයන් සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡාකර ඇති බවත් වාර්තා වනවා. 

ඔහුව සුවකර ගැනීම සඳහා හැකි සෑම උපකාරයක්ම කරන බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී පවුලේ සාමාජිකයන්ට දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ. 
 
ජැක්සන් ඇන්තනී ඇතුළු තිදෙනෙකු ගමන්ගත් කැබ් රථයක් අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී වන අලියෙකුගේ ගැටී පසුගිය ජූලි 02 වනදා අනතුරකට ලක් වුණා. 
 
ජැක්සන් මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමිනුයි පසුවන්නේ.