චාමික කරුණාරත්න ගැයූ ’’හීන රටේ කින්නරාවි’’ ගීතය ගැන එහි සංගීත අධ්යක්ෂ සචිත් පීරිස් කතා කරයි
චාමික කරුණාරත්නට කැමැති නැති කෙල්ලෙක් ඉන්න ගෙදරකින් අබ ටිකක් ගේන්න. ඔන්න ඕකයි දැක් තත්ත්වේ. ක්රිකට් දක්ෂයො ටික පසුගිය කාලයේ කරලියට පැමිණීමත් එක්ක චාමික කරුණාරත්න වඩා වැඩියුඑන් කැපී පෙනුනා. එයට ඔහුගේ කඩවසම් බව වගේ ගායන හැකියාවත් හේතුවක්.
චාමික කරුනාරත්න උත්සව අවස්ථා කීපයකටම ගිහින් "හීන රටේ කින්නරාවී" ගීතය ගයන වීඩියෝ පට මේ වෙද්දි ෆේස්බුක් ඇතුළු සියලු සමාජ ජාලාවල සැරිසරනවා.
මේ ගීතය තැනූ සංගීත අධ්යක්ෂවරයා වෙන සචිත් පීරිස් මේ පිළිබඳ සටහනක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ගීතයේ සැබෑ වීඩියෝ පටය සමඟ පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ සචිත්ගේ එම ප්රකාශය.
"Inbox පිරෙන්න Messages ගොඩක් එනවා" හීන රටේ කින්නරාවි (සිහිනේ)" සිංදුව ගැන අහලා. ඒ නිසා මේ original song එකේ video එක දාන්න හිතුවා. මේ සිංදුව මම "රුං රුං ගාගා" සිංදුවටත් කලින් හදපු සිංදුවක්. මේකෙ "Uyire" කියලා Tamil සිංදුවක් තමයි මුලින්ම හැදුවෙ.ඒසිංදුවත් ඒ කාලෙ Tamil stations වල charts වල තිබුනා වගේම ඉන්දියාව,මැලේසියාව වගේ රටවල් වලත් play උනා. මේ සිදුව ගායනා කරන්නෙ ප්රතාබ් හා ශමිර් කියන දෙන්නා. ඒ වගේම female vocals ඉරන්ගි හා සමහර Harmony parts මම ගායනා කරන්වා. සිංහල සිදුව නිලාර් එන්. කාසිම් අයියා තමයි ලිව්වෙ. ස්තූතියි Chamika Karunaratne ආයෙ අවුරුදු ගානකට පස්සෙ මේ සිංදුවට ආදරේ කරන පිරිසක් එකතු කරාට."