චන්න අයියා මට කිව්වා, දෙයක් කියන්න තියනවා, අප්සට් වෙන්න එපා කියලා. මං බයවුණා
පුංචි රූප පෙට්ටියෙන් ඔබට සමීප වුණු රංගන ශිල්පී චන්න පෙරේරා, එදා මෙදා තුර තරුණියන් වසඟයට ගත්ත කඩවසම් තරුවක්. චන්න විවාහ වෙලා හිටියේ රංගන ශිල්පිනියක් මෙන්ම නිවේදිකාවක් ලෙසිනුත් ජනප්රිය ගයත්රි ඩයස් සමඟිනුයි. නමුත් කාලයත් එක්ක ඔවුන් දෙදෙනා නීතියෙන් වෙන් වෙනවා. පසුගිය දවසක "ලංකාදීප" පුවත්පත සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ගයත්රි පැරණි මතක මේ විදිහට අවදි කර තිබුණා.
චන්න පෙරේරා තාම නිකන් කොල්ලෙක් වගේ නිකන් ඉන්නවා. මොකද්ද රහස..?
මම මැරි කරන කාලෙත් මම හිතුවේ එයාට අවුරුදු 20යි කියලා. මැරි කරන්න ළංවෙලා ඉද්දිත් වයස දැනන් හිටියේ නෑ. මම හිතුවේ මට වැඩිය අවුරුදු තුන හතරක් වැඩිමහල් ඇති කියලා. එයාම මට කිව්වා මට දෙයක් කියන්න තියෙනවා, අප්සට් වෙන්න එපා කියලා. මං බයවුණා එකපාරක් කසාදවත් බැඳලත් දන් නෑ. එක එක ඒවා මගේ ඔලුවට එනවා. එයා කිව්වා මට අවුරුදු 30ක් කියලා. මම ඇහුවා අයියෝ ඕකද කියලා.
චන්නට කැමති තරුණියෝ නිසා ඊරිෂ්යා හිතිලා නැද්ද ?
මුල් දවස් ටිකේ චූට්ටක් විතර ජෙලස් තිබ්බා. ෆෑන්ස්ලා එක්ක කෝල් එකේ හිටියම මම ළඟින් යන ගමන් ගහගෙන යනවා. ඒ වගේ ඒවා තිබ්බා.