චිත්රාල් සෝමපාලගෙන් අරගලයට වෙනුවෙන් ආන්දෝලනාත්මක ගීතයක්
කාට හරි කෙනෙක්ට අසාධාරණයක් වුනොත්, නැත්තන් ලංකාවේ නමට හානි වෙන දෙයක් කොහේදී හරි තැනක සිද්ධ වුනොත්, ඒ වෙනුවෙන් ප්රසිද්ධියේ කතා කරන්න ලංකාවේ කලාකරුවෝ ඉදිරිපත් වෙන්නේ බොහොම අඩුවෙන්. හැබැයි ඒ ඉරිදිපත්වෙන අය අතරෙනුත් ඉස්සරහින්ම ඉන්න කෙනක් ඉන්නවා. ඔහුට ලංකාවම ආදරෙයි. මුළු ලෝකෙම ආදරෙයි. ඒ තමයි චිත්රාල් සෝමපාල. ඔහුව තවත් විදිහකට හඳුන්වනවා. ඒ තමයි චිති. ඉතින් චිති කියන්නේ සංගීත ආභාෂයක් තියෙන පවුලකින් එන ගායකයෙක්. ඒ වගේම ඔහු සම්ප්රධායෙන් වෙනස් විදිහට සංගීතය පාවිච්චි කරන කෙනක්. රස වචන වලට, ගැඹුරු අර්ථයක් ඔහුගේ හඬ නිසා ගීතයට ලැබෙනවා. ලංකාවේ දේශපාලනය පිළිබඳව එදා පටන්ම විවේචනාත්මකව කතා කරපු ඔහු පසුගියදා මේවනවිට රටේ තැන් තැන් වල ක්රියාත්මක වන අරගලය වෙනුවෙන් ඔහුගේ දායකත්වය ලබා දී තිබෙනවා. ඒ ගීතයකින්. දේශපාලන පාලනට විරුද්ධව කරනු ලැබූ මෙම ගීතය ආන්දෝලනාත්මක ගීතයක් වන බව නොඅනුමානයි.
එම ගීතය මෙතැන්න බලන්න.