චිත්‍රපටයේ කතා කරන දේශපාලනික අදහස සමාජ ගත කරන්න මේක හොඳම අවස්ථාව
කසුන් පතිරණ අධ්‍යක්ෂණය කළ පළමු සිනමා නිර්මාණය වන ‘නයිට් රයිඩර්’ එළඹෙන ජූලි 22දා තිරගත කිරීමට කටයුතු යොදා ඇත. ත්‍රිලර් ශානරයේ සිනමා නිර්මාණයක් වන නයිට් රයිඩර් සිනමාලෝලීන්ට ත්‍රිල් එකක් ලබාදීමට සූදානම්ය. සිය කුළුඳුල් සිනමා නිර්මාණය පිළිබඳ සාකච්ඡා කිරීමට කසුන් පතිරණ සාරවිට කතාබහකට එක් වූයේ මෙලෙසිනි.
මේ දවස්වල කාර්යබහුලද?
රටේ තිබෙන ප්‍රශ්නත් එක්ක ෆිල්ම් එක පෙන්නන්නේ කොහොමද කියන ප්‍රශ්නෙත් එක්ක තමයි වැඩිපුරම හිතන්න වෙලා තියෙන්නේ. තෙල් ප්‍රශ්න සහ අනෙක් ආර්ථික ප්‍රශ්නත් එක්ක වෙනත් විකල්ප ක්‍රම හොයාගන්න වෙලා තිබෙනවා ෆිල්ම් එකේ වැඩවලට. ඉස්සර අපි සාමාන්‍යයෙන් ෆිල්ම් එකක් ප්‍රමෝට් කරන්න පාවිච්චි කරපු පෝස්ටර් කටවුට් වගේ ඒවා නොහිතන විදිහට ගාණ වැඩි වෙලා තිබෙනවා. ඒක නිසා මේ දවස්වල අපි කට්ටියම එකතු වෙලා හිතමින් යනවා ෆිල්ම් එක ප්‍රමෝට් කරන්න තියෙන විකල්ප විධි මොනවාද කියලා. ඒකත් එක්ක තමයි මේ දවස්වල කාලය ගත වෙන්නේ.
නයිට් රයිඩර් චිත්‍රපටය හැදෙන්නේ කොහොමද?
මීට කලින් වෙන අයගේ චිත්‍රපටවල සහ ඇඩ්වර්ටයිසින් වැඩවල කාලයක් තිස්සේ අපි එකට වැඩ කරපු කණ්ඩායමක් ඉන්නවා. මම වෘත්තීයෙන් රූපවාහිනී වෙළඳ දැන්වීම් නිර්මාණ අධ්යක්ෂවරයෙක්. ඒ කණ්ඩායමත් එක්ක අපි විවිධ දේවල් අත්හදා බලමින් සිටියා වීඩියෝවලින්, ෆිල්ම්වලින් මොනවාද කරන්න පුළුවන් කියලා. කාලයක් තිස්සේ අපි විවිධ පර්යේෂණ නිර්මාණ කරලා, විවිධ දේවල් කරන්න ට්‍රයි කළා. පස්සේ අපි හිතුවා අපි දැන් ලෑස්තියි ෆිල්ම් එකක් කරන්න කියලා. ඒකත් එක්ක තමයි නයිට් රයිඩර් ෆිල්ම් එක පටන් ගත්තේ. ෆිල්ම් එකේ සම්පූර්ණ වැඩ ඉවර කරලා පාස්කු ප්‍රහාරය, කොවිඩ් එක්ක අවුරුදු තුනක් විතර අපිට බලාගෙන ඉන්න වුණා. අවසානයේ දැන් ඒ අවස්ථාව ලැබිලා තිබෙනවා. මේ වෙලාවේදිවත් ෆිල්ම් එක එළියට දාගන්න පුළුවන් වෙන එක ගැන සතුටු වෙනවා.
මෙවැනි වාතාවරණයදී තමන්ගේ පළමු චිත්‍රපටය එළිදැක්වීම රිස්ක් එකක් නෙවෙයිද?
අනිවාර්යයෙන් රිස්ක් එකක් තිබෙනවා. හැබැයි අපි අවුරුදු තුනක් තිස්සේ රටේ ඇතිවුණු තත්ත්වයන් එක්ක ෆිල්ම් එක පස්සට දාගෙන දාගෙන ගියා. නමුත් මේ යන විදිහට මීට වඩා සුබවාදී අනාගතයක් රටේ අපිට පේන්න නැහැ. සෑහෙන්න මුදලක් යොදලා, විශාල පිරිසකගේ ශ්‍රමය යොදලා චිත්‍රපටයක් කරලා ඒක නිකන් ගෙදර අස්සේ හිර කරගෙන තියාගෙන ඉන්න එකේ තව දුරටත් තේරුමක් නැහැ. මේ රට හොඳ වෙයි කියලා හිතන සේයාවක්වත් නැති නිසා ෆිල්ම් එකට වැඩ කරපු මිනිස්සුන්ගේ ශ්රමයට සාධාරණයක් කරන්න මේ වෙලාවේ පෙන්වන එක තමයි හොඳම දේ කියලා තමයි අපි හිතුවේ.
ඒ වගේම අපි චිත්‍රපටය ඇතුළේ කතා කරන නිශ්චිත දේශපාලන අදහසක් තිබෙනවා. ඒක කියන්න හොඳම අවස්ථාව මේක කියලා අපි හිතනවා. මේ වෙලාවේ ලංකාවේ ඇතුළේ තිබෙන දේශපාලන තත්ත්වය සහ සාමාන්‍ය මිනිස්සුන්ගේ ඒ සඳහා තිබෙන උනන්දුවත් එක්ක මේක තමයි හොඳම වෙලාව ඒ දේශපාලන පණිවුඩය සමාජයට මුදා හරින්න. මේ සිස්ටම් එක ඇතුළේ තිබෙන අවුල ඒ හරහා මිනිස්සුන්ට තව දුරටත් දැනෙන්න පුළුවන් වෙයි කියලා හිතනවා.
නයිට් රයිඩර් කියන්නේ මොන වර්ගයේ චිත්‍රපටයක්ද?
ඇත්තටම ෆිල්ම් එක කරන්න පටන් ගන්නකොටම අපිට ඕනේ වුණා මොකටවත් අදාළ නැති ෆිල්ම් එකක් කරන්න. මේක මගේ තනි උත්සාහයක් නෙවෙයි. අපි කණ්ඩායමකගේ උත්සාහයක්. මේ කණ්ඩායමේම අදහස වුණේ සිනමාවේ දන්න බෙදීම් ගැන හිතන්නේ නැතුව අපේ ඔළුවේ තියෙන අදහස චිත්‍රපටයට ගේන්න. ආට් හවුස් හෝ වානිජ වැනි කිසිම ලේබල් එකක් ඇතුළේ කොටුවෙන්නේ නැතුව වැඩ කරන්න තමයි අපිට ඕනේ වුණේ. නමුත් සාමාන්‍යයෙන් ශානරයක් විදිහට ගත්තොත් නයිට් රයිඩර් කියන්නේ ත්‍රිලර් ගණයට වැටෙන නිර්මාණයක්. මේක ත්‍රිලර් රෝඩ් මූවි ගණයට ඇතුළත් කරන්න පුළුවන්.
අපිට මුල ඉඳලාම තිබුණු දෙයක් තමයි 60 දශකයේ අපි ලව් කරපු ෆිල්ම්වල තිබුණු ත්‍රාසය, භීතිය, කුතුහලයත් එක්ක අද ෆිල්ම් හෝල් එකකට මිහිහෙක්ට ඇවිත් බලන්න පුළුවන් ත්‍රිල් එක දෙන්න. එහෙම බැලුවාම මේක ත්‍රිලර් එකකට වැඩිය ත්‍රිල් ෆිල්ම් එකක් විදිහට හඳුන්වන්න අපි කැමතියි.
වර්තමානයේදී බජට් ෆිල්ම්ස් හැදෙන්න පටන්ගෙන තිබෙනවා. බජට් ෆිල්ම් හදන එක ට්‍රෙන්ඩ් එකක්ද නැත්නම් රටේ තත්ත්වයත් එක්ක බජට් ෆිල්ම් කරන්න වෙලා තිබෙනවාද?
බජට් ෆිල්ම් කියන එකේ දෙපැත්තක් තිබෙනවා. මෙතනදි අපිට ලෝ බජට් ෆිල්ම් එකක් කරන්න ඕනේ වුණේ නැහැ. අපිට ඕනේ වුණේ ලංකාවේ මිනිස්සුන්ට රසවිඳින්න පුළුවන් විදිහේ ෆිල්ම් එකක් කරන්න. ලංකාවේ තරුණයන්ට ෆිල්ම් එකක් කරනවා කියන්නේ ඉතා විශාල ප්‍රාග්ධනයක් වියදම් කරන්න සිද්ධ වෙන දෙයක්. මේ වගේ මාධ්‍යකදී නිෂ්පාදකයෙක් හොයාගන්න තරුණයන්ට තිබෙන අවස්ථාව අඩුයි. මොකද කර්මාන්තයක් විදිහට සිනමාව මේ වෙද්දි ෆේල් වෙමින් යනවා. ඒ වගේ වෙලාවක මීට කලින් ෆිල්ම් එකක් කරපු නැති කෙනෙක්ට විශාල ප්‍රාග්ධනයක් යොදවන්න නිෂ්පාදකවරු කැමති වෙන්නේ නැහැ. ලංකාවේ තරුණ සිනමාකරුවන්ට නිෂ්පාදකවරයෙක් හොයාගන්න එක තමයි තිබෙන අමාරුම වැඩේ. ඒ වගේ වෙලාවක ලෝ බජට් ෆිල්ම් කියන එකට යොමු වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. නමුත් නයිට් රයිඩර් ලෝ බජට් ෆිල්ම් එකක් විදිහට හඳුන්වන්න බැහැ. මේ ෆිල්ම් එක සෑහෙන්න වියදමක් යන ෆිල්ම් එකක්. හයි බජට් කන්සෙප්ට් එකක් ලෝ බජට් එකකින් කරන්න ගියාට පස්සේ චිත්‍රපටයේ අඩුපාඩුකම් අපිට පේන්න ගන්නවා. නයිට් රයිඩර් කරන්න පටන්ගද්දි අපිට එකතු වෙච්ච සම්පත් ටිකක් තිබුණා. ඒ සම්පත් සහ මිනිස්සු තමයි මෙතනදි අපි යොදාගත්තේ. අපිට තිබෙන ලොකුම අගය තමයි මේකේ ඉන්න මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ ශ්‍රමයේ අගයත් එක්ක කවුරුහරි ගණන් හැදුවොත් ලක්ෂ දෙසීයක තුන්සීයක විතර චිත්‍රපටයක් වෙයි. අපිට ඕනේ වුණේ අපේ ඔළුව ඇතුළේ තිබුණු කන්සෙප්ට් එක උපරිම අයුරින් පෙන්වන්න. මම හිතන්නේ චිත්‍රපටය ඇතුළේ එක සාර්ථක වුණා කියලා.
නයිට් රයිඩර් සඳහා දායක වුණු පිරිස ගැන කිව්වොත්?
චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ කළණ ගුණසේකර සහ යුරේනි නොෂිකා. ඊට අමතරව ඩබ්ලිව් ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, දමයන්ති ෆොන්සේකා, අරුණි මෙන්ඩිස්, ආනන්ද කුමාරඋන්නැහේ රංගනයෙන් දායක වනවා. මෙහි කැමරා අධ්‍යක්ෂණය විශ්වජිත් කරුණාරත්න. සංගීත අධ්‍යක්ෂණය අජිත් කුමාරසිරි. සහය අධ්‍යක්ෂණය චාමර සේලාර. මේකේ නිෂ්පාදන කළමණාකරණයෙන් තරිඳු දේශප්‍රියද, සංස්කරණයෙන් ලක්රුවන්ද සේරම් දායක වනවා. පිටපත මම සහ ශ්‍රීනාත් චතුරංග ලියන්නේ.
ඉදිරි වැඩකටයුතු මොනවාද?
අපේ ඊළඟ ෆිල්ම් එකට ලෑස්ති වෙමින් ඉන්න අතරවාරයේ තමයි මේක අපිට පෙන්නගන්න අවස්ථාව ලැබෙන්නේ. මේ චිත්‍රපටය අවුරුදු තුනක් තිස්සේ තියාගෙන හිටපු ෆිල්ම් එකක්. ඒ නිසා මේ ලැබුණු බැට්න් එක බිමින් තියන්න අදහසක් නැහැ. මේක උඩින්ම තියාගෙන ඉන්න අදහස් කරන්නේ. ඒ නිසා දිගින් දිගටම චිත්‍රපට කිරීම සහ වෙනත් මාධ්‍යකින් හරි මේ විදිහේ වැඩ කරන එක තමයි තියෙන බලාපොරොත්තුව.
සාකච්ඡා - කැළුම් දේවින්ද