චතුරංගනිගේ කුළුඳුල් කෘතිය ජිවන කාව්‍යය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වෙනස්ම මාතකාවක් ඔස්සේ රචිත 'ජිවන කාව්‍යය' කෘතිය මීට දින කිහිපයකට පෙර එළිදක්වනු ලැබීය. එය චතුරංගනි පිරිස් විසින් රචිත කුළුඳුල් කෘතිය වීමද විශේෂත්වයකි. මේ නිසාම මෙවර අප සාරවිට හරහා ඇයටද ඉඩක් මෙසේ වෙන් කළා.  

පොතක් ලියන්න හිතුවේ ඇයි ඔබ?

විශේෂ හේතුවක් නම් නැහැ.. පොඩි කාලේ ඉඳලා පොත් කියවන්න ආසාවක් තිබුණා. ඒ තිබුණ ආසාවට තමයි මම මේ පොත ලියන්න ගත්තේ. මේ කෘතියට පාදක කරගත්තේ මගේම ජිවන රටාව.

ජිවන කාව්‍යය කියන්නේ චතුරංගිගේ කුළුඳුල් කෘතිය?

ඔව්, මේක මම ලියපු පළමු කෘතිය. නිකුත් කළ දවසේ ඉඳලා හොද පාඨක ප්‍රතිචාර ලැබෙනවා. සතුටුයි ගොඩක්. මොකද, පළමු කෘතිය හරහා මාව යම් පිරිසක් අදුනගත්ත ඒක සම්බන්ධව.

අද කාලේ මිනිස්සු පොත්, මුද්‍රිත පුවත්පත්වලින් ඈත්වෙලා?

ඔව්, මාත් ඒ දේ දකිනවා. නමුත්, තවමත් මට හිතෙන විදිහට පොත්පත්වලට ආදරය කරන පිරිසක් ඉන්නවා. හොඳම උදාහරණය තමයි ලංකාවේ තියෙන පොත් ප්‍රදර්ශනවලට එන මිනිස්සු කන්දරාව. හැම දෙයක්ම ඩිජිටල් වුණාට මිනිස්සු තවමත් පැරණි ක්‍රමවලටත් කැමතියි.

පොත් කියවන පාඨකයෝ පිරිසක් තාම ඉන්නවා එහෙමද?

ඔව්. මේ කාලයේදී පවා පොත් වල වටිනාකම වැඩි වෙලා තියෙනවා ලංකාවේ. ඒ පොත් වලට ආදරේ කරන පිරිසක් ඉන්න නිසා.

ජිවන කාව්‍යය කෘතියෙන් පස්සේ?

පළමු කෘතියට හොඳ ප්‍රතිචාර ලැබුණ නිසා මා දැන් දෙවැනි පොතකටත් යොමු වෙන්න හිතාගෙන ඉන්නවා. මේ දවස්වල ඒ පොත ලියාගෙන යනවා. නුදුරේම ඒ පොතත් මම නිකුත් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

පළමු කෘතිය ලියන්න අදහස දුන්නේ කවුද?

ඒක මගේම අදහසක්. නමුත්, මගේ සැමියා ගොඩක් මට උදව් කළා. ඒ වගේම මා වටා සිටින සමිපතමයින් නිතරම මාව උනන්ඳු කළා මේක රචනා කරන්න. ඒ වගේම මේක මුද්‍රණය කරලා නිකුත් කරන්නත් ඒ අය මට උදව් කළා.

උදව් කරපු අය ගැනත් සඳහනක් කරමු?

මට දැන් 39ක් වෙනවා වයස. ඒ කාලය තුළ මා වටා සිටි මගේ අම්මා, අයියා මතක් කරන්න ඕනා. ඒ වගේම මගේ සැමියා විශ්ව මගේ දරුවෝ දෙන්නා මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා.  ඇම් ඩී ගුණසේන මරදානේ පිහිටි ප්‍රධාන කාර්යාලයේ යුග්මා සමරසිංහ මිස්වත් විශේෂයෙන්ම මතක් කරන්න අවශ්‍යයි.

බුද්ධික සේනාධීර