චූටි කාලෙත් පවුලේ අයත් එක්ක තමයි ඇවිදින්න ගියේ. ඉතින් ඒ මතක හරි සුන්දරයි
මෙවර Star Travel විශේෂාංගය තුළින් සඳැල්ල සමඟ එකතු වෙන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනී නිත්‍යා දේවින්දි.
මොකද හිතන්නේ Travel කරන එක ගැන ?
Travel කරනවා කියන දේ ඇත්තටම හොඳයි. මොකද අපි ගත කරන ඒකාකාරී ජීවිතෙන් මිදිලා අපට පුළුවන් නම් කොහෙහරි නිදහස් තැනකට ගිහින් කාලය ගත කරන්න ඇත්තටම ඒක හරිම සුන්දර අත්දැකීමක්. සතියකට, මාසෙකට සැරයක් හෝ අවුරුද්දට කීප සැරයක් කොහේහරි ගිහින් එනවා නම් ඒක අපේ මනසට ලොකු සහනයක් කියලා මම හිතනවා. මම ආදරේ කරන පිරිස එක්ක මට travel කරන්න ලැබීමම ලොකු සතුටක් සැහැල්ලුවක්. ඒ නිසාම පුළුවන් හැම වෙලාවකම නිදහසක් ලැබුණම මම travel කරනවා.
ඉතින් නිත්‍යා වැඩිපුරම travel කරන්නේ කා එක්ක ද ?
මම ගොඩක්ම travel කරන්නේ පවුලේ අයත් එක්ක. මොකද මට යාළුවෝ ඉන්නේ අතේ ඇඟිලි ප්‍රමාණයටත් වඩා අඩුවෙන්. සාමාන්‍යයෙන් අපි කොහේ හරි යමු කියලා කතා කරගත්තොත් දැන් යමු කියලා අපි ඇවිදින්න යනවා. ගොඩක් වෙලාවට කලින් ප්ලෑන් කරනවා හරිම අඩුයි.
නිත්‍යා ලංකාවේ වැඩිපුරම Travel කරලා තියෙන්නේ කොහෙ ද ?
නුවරඑළිය, බදුල්ල, නුවර, අනුරාධපුරය, පොළොන්නරුව, දෙනියාය වගේ ගොඩක් තැන් වල මම travel කරලා තියෙනවා.
නිත්‍යා පිටරට වල වැඩිපුරම travel කරලා තියෙන්නේ කොහෙ ද ?
මම ඩුබායි වලට travel කරලා තියෙනවා. ඒ ගියෙත් කොන්සර්ට් එකකට. නමුත් free වුණ අවස්ථාවල ඩුබායිවල ඇවිදින්න ගියා. නමුත් ලොකුවට ඇවිදින්න වුණේ නැහැ මොකද මම ප්‍රෙග්නට් වෙලා හිටපු නිසා. සති දෙකකට ආසන්න කාලයක් ඩුබායි වල හිටියා. අපේ රටට වඩා පෙනුමෙන් ඒ වටපිටාව ගොඩක් වෙනස් රටක්. ගොඩක් අය තමන්ගේ රට තමා හොඳම කිව්වට මම හරිම කැමති වෙන රටක ජීවත් වෙන්න. ඒක වෙනමම අත්දැකීමක්. මිනිස්සු හිතන පතන විදිය, පිළිවෙළ හරිම වෙනස්. ඒ පිළිවෙළ අපි දකින්න ආස හරිම නිදහස් බවක් තියෙනවා. මොකද ඒ රටේ සීයට අනූවක් විතර පිරිසිදුයි, පිළිවෙළයි.
මෙච්චර කාලෙකට travel කරපු ලස්සනම මතක හිටින සංචාරය මොකක්ද ?
ඇත්තටම ඩුබායි සංචාරය තමයි මට අමතක නොවෙන සුන්දරම මතකය වුණේ. මොකද වැඩකට එළියට ගියත් ඒ රටේ ඒ තිබුණ නිදහසට මම හරිම කැමතියි.
නිත්‍යා ඉදිරියේදී Travel කරන්න යන්න බලාපොරොත්තුවෙන් ඉන්න තැන් තියෙනවා ද ?
ඔව් යාපනේ යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම යුරෝපා රටවල් වල travel කරන්න යන්න මම හරිම කැමතියි.
බබා එක්ක travel කරද්දී නිත්‍යාට කොහොමද ඒ දැනෙන experience එක ?
ඇත්තටම බබා එක්ක අපි දෙනියායේ, නුවර, අනුරාධපුරේ වගේ තැන් වල travel කරන්න ගිහින් තියෙනවා. එයා තව ටිකක් ලොකු වුණාම ලංකාවෙන් පිටට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ගොඩක් දෙනෙක් කියන කතාවක්නේ බබාලා එක්ක travel කරන එක කරදරයි කියලා. මොකද බබාලා ටිකක් පාලනය කරගන්න අමාරුයි කියන දේ එක්ක. නමුත් අපේ බබා මම හිතන්නේ අපිටම හැඩගැහිලා ඉන්නේ. අපිත් එක්ක ඉන්න නිසාම වෙන්නැති හරි ඉක්මනට හැඩගැහෙනවා යන තැනට. බබා නිසා ඇවිදින්න යන්න අපිට කරදරයක් නැහැ. ඒ නිසාම බබා එක්ක travel කරන එක අපිට නම් හොද සුන්දර අත්දැකීමක්.
නිත්‍යාටtravel කරද්දී කන්න ලැබුණු රසම කෑම මොනවද ?
ඩුබායි වල නම් මම ලොකුවට ඒ රටේ කෑම කෑවේ නැහැ. එහේ යාළුවෝ හිටපු නිසා ලංකාවේ කෑම කන්න හම්බුණා. එළියෙන් කද්දිත් මම ලංකාවේ කෑම තමයි කෑවේ. මම ප්‍රෙග්නට් වෙලා හිටපු නිසා මට ටිකක් වමනේ යනවා නිසා මම ලොකුවට කෑම ට්‍රයි කරන්න ගියේ නැහැ. මගේ යාළුවෝ ටික මට චොක්ලට් ඉක්ලෙයාර් එකක් අරන් දුන්නා කන්න. ඒක හරිම රසයි. මට ඒක වමනෙට ආවෙත් නැහැ ප්‍රශ්නයක් වුණෙත් නැහැ. ලංකාවේ නම් ගොඩක් වෙලාවට දුර ගමනක් ගියාම සෙට් මෙනු එකක් හොයනවට වඩා මම කැමති රයිස් ඇන්ඩ් කරී කන්න තමයි. රයිස් ඇන්ඩ් කරි නැත්තන් ඉදලා හිටලා රයිස් වගේ දේවල් කනවා.
Travel කරද්දි නිත්‍යාට සිදු වුණු අමතක නොවෙන රසබර මතක මොනවද ?
ඇත්තටම බබා හම්බෙන්න හිටපු කාලේ තමයි මම ඩුබායි වලට trave කළේ. ඉතින් මට ලොකුවට මුකුත් කන්න එහෙම ප්‍රියත්වයක් නැහැ. මොකද මට ටිකක් වමනේ යනවා නිසා. නමුත් මම හරිම ෆිට් එකේ ඒ ඩුබායි සංචාරයට සහභාගී වුණා. මොකද ඒ තිබුණ නිදහස මට තිබුණු අමාරුව අමතක වුණා. අමතක නොවෙනම දේ ගොඩක් දෙනෙක් පිටරට travel කළාම කෑම කනවනේ, මට කෑම කන්න පුළුවන් කමක් තිබුණෙ නැහැ.
පුංචි කාලේ travel මතක මොන වගේද ?
චූටි කාලෙත් පවුලේ අයත් එක්ක තමයි ඇවිදින්න ගියේ. ඉතින් ඒ මතක හරි සුන්දරයි. චූටි කාලේ එකපාරක් හග්ගල බොටනිකල් ගාඩ්න් එකට ගියා. ඉතින් ඒ කාලේ මල් වලට හරිම කැමතියි. ඉතින් මල් කඩාගෙන දුවලා තියනවා. පුංචි කාලේ ඇවිදින්න යනවා නම් ගොඩක් වෙලාවට ප්ලෑන් කරලා තමයි යන්නේ. ඒ වගේ සුන්දර මතක තියෙනවා. නමුත් දැන් එහෙම නැහැ. කොහේ හරි ඇවිදින්න යන්න හිතුණොත් ඒ මොහොතේ ගිහින් එනවා.
අමා අලහකෝන්