ගිරිරාජ්ගේ දියණියගේ අදහාගත නොහැකි හෙළිදරව්ව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හාස්‍ය රංගනයෙන් වේදිකාවත්, රිදී තිරයත්.. ඒ වගේම පුංචි තිරයත් ආක්‍රමණය කළ‍ අතිශය දක්ෂ රංගනවේදියා ඔහු. ඔහු නමින් ගිරිරාජ් කෞෂල්‍ය. පිළිකා රෝගයට ගොදුරුව දැවැන්ත සටනක් කළ ගිරිරාජ්. මේ මොහොත වෙද්දි ආයෙමත් අපිට දකින්න ලැබෙනවා. ගිරිරාජ්ගේ ආදරණීය දියණිය අමන්දා උත්පාලී. පසුගිය දවසක රංගන ශිල්පී කැළුම් විජේසූරිය සමග සම්මුඛ වෙමින් අමන්දා, ගිරිරාජ් ගැන මේ විදිහට මතක අවදි කළා.

"හරිම ආදරෙන් අපේ පවුල අය ඉන්නෙ. තාත්තා ශූටිං ඉවර වෙලා එනකන් ඉන්නවා රස කතා අහන්න. ඉතින් එහෙම තත්තවයේ තියෙද්දි මම විවාහ වෙලා මාස කිහිපයකින් තමයි තාත්තාව කැන්සර් පේශන් කෙනෙක් කියලා දැනගත්තෙ.."

"මම හිතන්නෙ මම මේ කියන්න යන කතාව තාත්තා දන්නෙත් නෑ. හරියටම 2021 ඔක්තෝම්බර් පස්වෙනිදා ඇඩ්මිට් කළේ. අම්මා තමයි තාත්තා ළඟ හිටියේ. මම හිටියේ හස්බන්ලා ගෙදර. මට කෝල් කරලා කිව්වම මම අනිත් අතට කොළඹ ආවා. මට තාත්තා එක්ක පැය ගාණක් ඉන්න වුණා. තාත්තා වොශ් රූම් එකට ගියා. ඒ වෙලාවෙ තමයි ඩොක්ටර් ඇවිත් කිව්වෙ තාත්තට කැන්සර් එකක් කියලා..."

"ඩොක්ටර් ඇහුවා තාත්තට කියන්නද කියලා. මම කිව්ව එපා කියලා, අම්මා ළඟ ඉද්දි කියන්න කියල. මම තාත්තා එක්ක පැය දෙකක් විතර ඒක දැනගෙන සතුටින් හිටියා. තාත්තා ඒ වෙලාවේ කිව්ව සිංදුවක් කියමු කියලා. මාත් කිව්ව. පහුවදා තාත්තා දැනගත්ත එතනින් එහාට මායි අක්කයි තීරණය කළා අපි මේකට සැලෙන් නෑ, කියලා. මම ෂොක් වෙලා හිටියේ. ඒත් මම ඇහුවා ඩොක්ටගෙන් මේක හොඳ කරන්න පුළුවන් ද කියලා. ඩොක්ටර් කිව්වා හොඳ කරන්න පුළුවන් කියලා..."

"හෙටම අපේක්ෂා දාන්න කිව්වා. මම අක්කටත් පණිවුඩය කියලා හෙට ඉඳන් මෙහෙම ඉන්නෙ කියලා ප්ලෑන් කරලා ආවේ. අපි ලොකු ප්ලෑන් එකක් ගැහුවා අක්කයි මායි අපි දෙන්නගෙම හස්බන්ලා හැමෝම. පළවෙනි මාස කිහිපය දුෂ්කර උනා..මොකද බෙහෙත් නෑ. දවස් හතළිහක් ඉන්න වුණා අම්මට තාත්තට ඉන්න වුණා. කොවිඩ් කාලේ නිසා. අපිටත් අර පොඩි වීදුරුවකින් ගිහින් තමා තාත්තා බලලා එන්න පුලුවන්. හැබැයි අපි ඒ පෙශර් එක තාත්තට දුන් නෑ. හැමෝම මතක් කරන්න ඕන පවුලේ අය. ඒ කාලේ හැමදේම හොඳට කරගන්න ලැබුනා. ඒකට අපේ නැදෑයෝ සේරම මතක් කරන්න ඕන.."

"ශිවා අංකල්, ප්‍රියන්ත මාමා, පියුමි අක්කා., රේණුකා මහත්මිය සෝමරත්න මහතා. මේ අය ළගින්ම ඉඳන් තාත්තා ගැන බලපු අය. නම් නොකියවුනු අයත් ඇති. ලෝකෙ වටේ ඉන්න ලාංකිකයෝ හැමෝම තාත්තට ආශිර්වාද කළා. මූල්‍යමය වශයෙන් පවා ආධාර කළා..."