ගයාන් පූජනීව විවාහ කරගන්නවද ? ඒ දෙන්නගේ ආදර කතාව ගැන ගයාන් කියන කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ගයාන් ගුනවර්ධන කියන්නේ වර්තමානයේ ඉන්න දක්ෂ සහ ජනප්‍රිය නළුවෙක්. සිය පියානන් වූ නුවන් ගුනවර්ධන වගේම ගීත ගායනයට දක්ෂ ගයාන් ප්‍රසංගයකට සූදානම් වෙන ගමන්ම එයාගේ විවාහය ගැනත් පුවත්පත් සාකච්ඡාවකදි කතා කරලා තිබුනා. ඔහුගේ පෙම්වතිය ගැන හැමෝම දන්නවනේ. ඇය තමයි ජනප්‍රිය නිලි පූජනී භාග්‍යා. ඉතින් ඒ දෙන්නග්ගේ විවාහය ගැන ඔහු අදහස් දක්වා තිබුනේ මෙන්න මෙහෙම.

ලඟදි පූජනී එක්ක විවාහ වෙනවා කියන්නේ ඇත්තද ?

"ඔව්.ලබන වසරේ එහෙම දෙයකට ලෑස්තිවෙලා ඉන්නවා.

මගෙ ලොකු ආසාවක් තිබ්බා මගේ තාත්තයි,මමයි, මගේ පුතෙකුයි එකම වේදිකාවේ ගීත ගායනා කරන්න.සීයා,තාත්තා මුණුබුරා කියන තුන්දෙනා අඩුම තරමේ එකම වේදිකාවක ඉන්න වාසනාවක් මට ලැබුනේ නැහැ.

මම ඒ අතින් හරි අවාසනාවන්තයි.

නමුත් මගේ තාත්තගේ මතකයන් මගේ දරුවකුට පෙන්වන්න පුළුවන් වේවි.

ඉතිං ලබන වසරේ මම විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා."

ඔහු විවාහය ගැන ප්‍රකාශ කරලා තිබුනේ අන්න එහෙම.