ගයාන් - පූජනී විවාහ මංගල්‍යයේ දිනවකවානු ගැන කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය නිරූපිකාවක් වගේම නිළියක් වෙන පූජනී භාග්‍යාව ඔබ දන්නවාද? ඇ‍යව හැමෝම දන්නේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ ගායන ශිල්පියෙක් වන ගයාන් ගුනවර්ධනගේ පෙම්වතිය කියූ විටයි. සමාජ මාධ්‍යවලද ඇය ජනප්‍රිය චරිතයක්. පූජනී කලා පුවත්පතකට ඇගේ තතු පවසා තිබුණේ මෙසේයි.

උපන් දිනයත් ජයටම සැමරුවා නේද?

ඇත්තටම මෙවර උපන් දිනය විශේෂයෙන් සැමරුවේ නැහැ. මොකද තාත්තා නැතිවෙලා තවමත් ටික කාලයක් නිසා. අපි අවුරුදු සැමරුවෙත් නැහැ. වෙසක් සැමරුවෙත් නැහැ. ඉතින් උපන් දිනය සැමරුවෙත් නැහැ. රෑ 12 ට පොඩි සරල සප්‍රයිස් එකක් කළා මං වෙනුවෙන්. ඒකට මට සතුටුයි. මගේ ගෙදර අයත් මට තෑගි ගොඩක් දුන්නා. පාටි දැම්මේ නැති වුණාට එදා දවස හරිම සතුටින් ගත කළා. උපන් දිනයට හැම අවුරුද්දෙම වගේ මම ෂූට් එකක් කරනවා. ඒකට වෙනස් විධියේ කන්සෙප්ට් එකක් තමයි කරන්නේ. මේ පාරත් ලස්සනට ෂූට් එක කරගන්න පුළුවන් වුණා. ඒ වෙනුවෙන් ගොඩක් දෙනෙක් මහන්සි වුණා. ඒ හැමෝටමත් බොහොම ස්තූතියි.

සුන්දර මනමාලියක් වෙන්න අදහසක් නැද්ද තවම?

ඔව්… ඔව්… තිබෙනවා. ඇත්තටම මේ වසරේදී තමයි අපි විවාහවෙන්න අදහස් කරල තිබුණේ. නමුත් තාත්තාගේ අභාවයත් සමඟ ඒ දැනුණ මානසිකත්වයත් එක්ක අපි ඒ අදහස කල්දැම්මා. දැන් ඉතින් කාලයත් ඉක්මනට ගතවෙන නිසා ගෙවල්වලිනුත් කියනවා විවාහ වෙන්න කියල. ඉතින් ලබන වසරේ අග අපි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු?

මේ දිනවල මට ලැබෙන නිර්මාණවලට සම්බන්ධ වෙලා ඒ චරිතවලට උපරිම සාධාරණයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මම කැමැතියි දවසක ජනප්‍රියම කියන කාණ්ඩයට වඩා දක්ෂ, නැඟී එන කාණ්ඩයට අයත් රංගන ශිල්පිනියක් වෙන්න. ඊට අමතරව විවාහවෙලා සතුටින් පවුල් ජීවිතය ගත කරන්න මම කැමැතියි. කලා ජීවිතේට වගේම මම මගේ පවුල් ජීවිතේටත් ආදරෙයි. මගේ නම රැකගෙන ආපු විධියටම ඉදිරියටත් රැකගෙන හෙමින් හෙමින් ගමනක් යන එක තමයි බලාපොරොත්තුව.

මෙතෙක් පැමිණි ගමන්මඟ ගැන ඔබ තෘප්තිමත්ද?

ඇත්තටම මම මෙතෙක් පැමිණි ගමන්මඟ ගැන මට හරිම සතුටුයි. ගොඩක් අය අපිත් එක්ක එකට ගමන් කරනවා. සමහරු අපට කලින් ගමන් කරනවා. තවත් සමහරු අපට පසුව ගමන් කරනවා. අපි හැමෝම ඉන්නේ එක එක මට්ටම්වල. ගොඩක් අයට කෙටි මාර්ග තිබුණා ඉදිරියට යන්න. එහෙම කෙටි මාර්ගවල ගිය සමහරු ඉහළම තැන්වලට ගිහින් තිබෙනවා. සමහරු මඟින් හැලෙනවා. තවත් සමහරු හිටපු තැන්වලටත් වඩා පහළට වැටෙනවා. හැබැයි මම කවදාවත් කෙටි මාර්ග තෝරගත්තේ නැහැ. මම ගියේ හරි මඟ. මට කෙටි මාර්ගවලින් ඉහළට යන්න කිසිම අවශ්‍යතාවක් නැහැ. කෙනෙක් තුළ තිබෙන දක්ෂතාව සහ වාසනාව අනුව ඉදිරියට යෑම තමයි සිදුවිය යුත්තේ. ඉතින් මම මගේ ආත්ම ගරුත්වයත් රැකගෙන මෙතෙක් ආපු ගමන ගැන සතුටුයි.