ගයාන් පුජනි රහසේම විවාහ වෙයි ? ප්‍රේමනීය වෙඩින් ෂුට් එක එලියට එයි
ගයාන් ගුණවර්ධන කියන්නේ තාරුණ්‍ය නියෝජනය කරන ආදරණිය චරිතයක්. ආදරණිය ගායකයෙක්. ඒ වගේම ඔහු රංගන ශිල්පියෙක්. ඒ විතරක්ම නෙවෙයි ඔහු නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා. මෙරට දක්ෂ ජනප්‍රිය ගායකයෙක් වන නුවන් ගුණවර්ධනගේ එකම පුතු තමයි ගයන් කියලා කියන්නේ. තාත්තාගේ අඩිපාරේ යමින් ගයාන් ගායන ක්ෂේත්‍රයට පිවිසෙනවා. මේ වෙද්දී ඔහු රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත් හදවතේ ගායකයෙකු බවට පත්ව තිබෙනවා. මේ දිනවල පාර දිගේ ටෙලි නාටයයේද ඔහු දැකගන්න ලැබෙනවා.
ගයාන් කියන්නේ තරුණියන්ගේ ආදරය නොඅඩුවම ලබන චරිතයක්. කාවින්ද්‍යා සමග කාලයක් පෙම් කතාවක පැටලුනත් පසුව ඔවුන් සුහදව වෙන්වෙනවා. පුජනී භාග්‍යා කියලා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය නිලියක්. නර්තනයට ඇය ඉතාමත් දක්ෂයි. ඉතින් නිතරම එකට ඉන්න මේ දෙන්නා පෙම්වතුන් වගේ කියලා ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ ඔවුන් කියන්නේ නම් එහෙම දෙයක් නැහැ කියලා.
නමුත් ඔවුන් දුටුවම සැබෑවටම පෙම්වතුන් බව දැකගන්න පුළුවන්. සංගීත ප්‍රසංගයක් අතරතුරදී පුජනිව ලගට ගෙන තුරුළු කරගෙන ගීත ගායනා කරනවා. ඒ වගේම විවාහක ජෝඩුවක් වගේ ලස්සනට සැරසිලා ඔවුන් ප්‍රේමනීය ෆොටෝ ෂුට් එකක් කරලා තිබෙනු දැකගන්න ලැබෙනවා. ඇත්තටම මොවුන් විවාහ වෙලා කියලා තමයි මේක දැකපු අය නම් කිවුවේ.