ගයත්‍රි ඩයස් හැඬුම්බරව කියූ කතාව මෙන්න
ගයත්‍රි ඩයස් කියන්නෙ පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් වෙත සමීප වෙන කවුරුත් ආදරේ කරන සුන්දර චරිතයක්. රංගනයට නිවේදනයට අමතරව ඇය රූපලාවන්‍ය ශිල්පිනියක් ලෙස වෘත්තියේ නියැලෙනවා. ඇය ඇගේ මව ගැන මෑතක අවදි කළ මතක තමයි මේ..
"මට පුලුවන් කාලෙ ඉඳලම අම්මා පුලුවන් දේ කළා. අපි මහා සල්ලිකාරයෝ නෙවේ. අපි සාමාන්‍ය මිනිස්සු. එයා හැමදාම කළේ පවුල එකතු කරපු එක. ඒ නිසා මට මතකම, දුක හිතෙන දේ අම්මා අන්තිම කාලේ වෙනකොට කෙට්ටු වෙලා චූටි වුණා.."
"මට දැනටත් ගෙදර ඉද්දි එයා ව මැවිලා පේනවා. අර වගේ ලස්සනට ඉඳලා එකපාරම අර විදිහට වුණා. එයා දිහා බලලා මම තේරුම් ගත්තා ලස්සනයි කියන හැමදේම දවසක නැතිවෙනවා. ඒක තේරුම් ගත්ත නිසා මම මාර සතුටින් ඉන්නෙ..අම්මා කොරෝනා වලින් නැතිවෙලා ගියේ එක ක්ශණයකින්. මම අම්මව දැක්කෙ තප්පර ගාණයි. ඇඳන් හිටපු ඇඳපු පිටින්ම අරන් ගියා. අම්මගේ මරණයවත් ඇහැකට දැක්කෙ නෑ. අම්මට මිනියක් කියලා කියන්න වුණෙ නෑ කොටින්ම.."