ගෙම්බන්ට දක්වන අසීමිත බිය ගැන කියන දිලිනි
දිලිනි ලක්මාලි කියන්නෙ නව පරපුරේ ජනප්රිය තරුවක්. ගොඩක් අයට ඇයව හුරුපුරුදු ඇගේ දිගු වරලස නිසයි. මුහුණු පොතේ සැරිසරන අපිට ඇය තැබූ හරි අපූරු සටහනක් දකින්න ලැබුණා. බලන්නකො මොකක්ද දිලිනි මේ කියන කතාව කියලා.
"ගෙම්බා මාගේ පරම හතුරාය. කවුරු කොහොම කිව්වත් මා තුළ ගෙම්බාට තියෙන බිය අඩුවන්නේ නැත. ඒ බිය වැඩි වෙනවා මිසක. කියන්නට හැදුවේ වෙන දෙයකි. මං ගෙම්බන්ට දක්වන බිය නිසා දැන් අපේ තාත්තාගේද පරම හතුරා ද ගෙම්බාය. වැහි කාලේ නිසා දැන් ගේ වටේට ගෙම්බෝ රංචු පිටින් සිටි. තාත්තාට වෙන වැඩක් දැන් නැත. දකින දකින ගෙම්බා පස්සේ අපේ තාත්තා එළවන්නේ පිස්සෙක් වගේ යැයි මට වෙලාවකට හිතේ. " ඒ මගේ තාත්තා". කවදත් පිටට නොපෙන්වන ආදරය මහ මෙරක් තරම් වූ හිතේ දරාගෙන සිටින. දිර්ඝායුෂ මගේ තාත්තට "