ගාමිණි හෙට්ටිආච්චිගේ දියණියත් නිර්පාක්ෂික අරගලයට සහය දෙන්න එයි
ගාමිණි හෙට්ටිආරච්චි කියන ප්රවීණ රංගන ශිල්පියාව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. රිදී තිරයෙනුත් පුංචි තිරයෙනුත් කාගෙත් ආදරය දිනාගත්ත ඒ ආදරණීය රංගවේදීයා දැන් අප අතර නැහැ. කොහොම වුණත් ගාමිණි ට ලස්සන දියණියක් හිටියා. ඉදහිට රූප පෙට්ටියෙන් දැක ගත්තා වුණත් ඇය ක්ෂේත්රය තුළ සක්රීය කෙනෙක් නෙවෙයි. ඇය නමින් ප්රතිභා හෙට්ටිආරච්චි. මේ වන විට පැවැත්වෙන නිර්පාක්ෂික අරගලය වෙනුවෙන් සහය වෙන්න ඇයත් ඇවිත් ඉන්නවා.
ඉතින් ඇය මේ විදිහේ අදහසකුත් පළ කර තිබුණා.
"ඔබතුමාගේ කෝපය කා සමගද? 69ලක්ශයක් අපඇතුලු රැවටුනු අය සමග ද?නැත්නම් මුලු රටේම මිනිස්සු රැවටූ දේශපාලකයන් සමගද ? නැත්නම් පුද්ගලික තරහක්ද?මගේ පියා ඇතුලු පව්ලේ අය හැමදාම රටට ආදරය කල අය.කිසිම රජයකින් වාසි නොගත් අය.මහින්ද මැතිතුමන් රට බේරාගත් ගෞරවය අපට තිබුනා නමුත් රට මේ තරම් වලපල්ලට ගිය විටත් ඇත්ත පෙනි පෙනි අරගලයට සහය දැක්වීමට ඔබ විරුද්ධ ද ?ඔබ රාජපක්ශලාට දිගටම ආදරය කරන්න අපි තරහ නැහැ .."