ගෙදරදි නම් කෑ ගහලා අම්මාගෙන් ඕන තරම් බැනුම් අහලා තියෙනවා
වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබමින් සිරස ටීවි හි විකාශය වන කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ පුංචි කටකාරිය ඇයයි.
ඇය පහන්දි නෙතාරා වල්පිටයි. ටෙලි නාට්‍ය වගේම වෙෙළඳ දැන්වීම්,චිත්‍රපට හරහාද තාත්වික රංගන කුසලතාවක් සමීප කළ ඇය වැඩිපුරම ජනප්‍රිය වන්නේ කියා දෙන්න ආදරේ කරම් ටෙලි නාට්‍යයේ මිනාගේ චරිය හරහායි. නමුත් හිටිහැටියේම මිනාගේ චරිතය නොපෙනියාම ප්‍රේක්ෂකයාට ඇති කළේ යම් කුතුහලයක්..ඇත්තටම පහන්දි මිනාගේ චරිතයෙන් ඉවත් වුනාද? අපි මේ පොඩි රුවැත්තිය සමඟ කතා කරන්න සිතුවා.
මිනා නිසා දුවට ලැබෙන ප්‍රේක්ෂක ආදරය ප්‍රතිචාරය කොයි වගේ ද?
අම්මෝ පාරේ යන්න, බස් එකක යන්නත් බැරි තරමට ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. මේ මිනා නේද? කියල හැමෝම කතා කරනවා. සමහර අය මට තෑගිත් එවනවා. එ් වගේ මිනායා කියන චරිතයට ගොඩාක් ප්‍රතිචාර ලැබෙනවා. ඇත්තටම මම ගොඩක්ම ප්‍රේක්ෂකයන් අතරට ගියේ. මහේෂ් රත්සර මද්දුමආරච් මාමාගේ කියා දෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ මිනායාගේ චරිතයෙන්. මිනා කියන චරිතය එක්ක හිතාගන්න බැරි තරම් දෙස් විදෙස් ප්‍රේක්ෂකයෝ ගොඩක් එකතු වුණා. මහේෂ් මාමාට ඒ ගෞරවය හැමදාම තියෙනවා. දැන් මට පහන්දි කියනවට වඩා ගොඩක් දෙනා කතා කරන්නේ මිනා කියලා.
දුව කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයෙන් ඉවත්වෙලා කියලා කතාවක් යනවා එහි ඇත්තක් තියෙනව ද?
මිනායා එයාගේ සීයා එක්ක පිටරට ගියා කියන කොටස් ටික විකාශය වුණාට පස්සේ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයෙන් අයින් වෙලා ද කියලා මගෙන් හැමෝම අහනවා. කෝල් කරලා ගොඩක් දෙනා කියනවා අයින් වුනේ ඇයි මං නැතුව කතාව බලන්නත් කම්මැළියි කියලා . තව සමහරු අපි කතාව බැලුවේ ඔයා නිසා ඔයා සියා එක්ක රට ගියාට පස්සේ ආයේ එන්නේ නැද්ද කියලා අම්මාගෙන් කෝල් කරලත් අහනවා. ඇත්තටම තාම පිටපත ලියන මහේෂ් මාමා චරිතේ අවසානයක් ගැන කියලා නැහැ. ඒ නිසා චරිතයෙන් මම අයින් වෙලා කියන එකට හරියට උත්තරයක් දෙන්න බැහැ. ටෙලි එක දිගට ඇදෙන නිසා මගේ පාසල් වැඩත් අතපසු වෙන නිසා අම්මා නම් කිව්වා පසුගිය කාලේ ටෙලි නාට්‍යයෙන් ඉවත් වෙමු කියලා. ඉවත් වෙන තීරණයේ හිටියත් ඉවත් වෙනව ද නැද්ද කියලා තීරණය වෙන්නේ ඉදිරියේදි. මිනා කියන චරිතයට මම හරිම ආදරෙයි. වැඩිපුරම ආස ඒ චරිතයේ තියෙන කටකාර දෙබස් වලට. මට කියන්න තියෙන්නේ දිග වාක්‍ය. සමහර වචන මට කියව ගන්නත් බැහැ. හැබැයි ඉතින් මගේ නැන්දලා මාමලා ටික මට කියලා දෙනවා.
මිනා වගේම පහන්දිත් ගෙදරට කටකාරද?
ගෙදරදි නම් කෑ ගහලා අම්මාගෙන් ඕන තරම් බැනුම් අහලා තියෙනවා.
අලුත් නිර්මාණ වලට දුවට ආරධනා ලැබිලා තියෙනව ද?
කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයට අමතරව වෙන නිර්මාණ බාර ගත්තේ නැහැ. නාට්‍ය 2 කට පසුගිය දවස් වලත් ආරාධනා ලැබුණා. මේ දවස් වල අම්මා ටෙලි නාට්‍ය භාරගන්න එක පොඩ්ඩකට නතර කරලා තියෙන්නේ. දැන් මම 6 වසරේ ඉගෙන ගන්නේ. අධ්‍යාපන වැඩවලට වැඩි කාලයක් දැන් දෙන්න ඕන කියලා අම්මා නිතරම කියනවා. වෙෙළඳ දැන්වීම් ෆිල්ම් කෙටි චිත්‍රපට වගේ පොඩි දේවල් වලට දායක වෙනවා ඇරෙන්න දීර්ඝ ටෙලි නාට්‍ය වලට ටික දවසකට සමු දුන්නා.මම පසුගිය කාලේ ෆිල්ම් කිහිපයකටත් දායක වුණා . ඒවා ඉස්සරහට එන්න තියෙනවා. තව මම සදලි කියලා ෆිල්ම් එකක ප්‍රධාන චරිතයකුත් කළා.
පුංචි කාලේ ඉඳලා පහන්දි නටන්න රඟපාන්න ආසයිද?
රඟපාන්න එනකල් මට රඟපාන්න පුළුවන් කියලා දැනන් හිටියේ නැහැ. මගේ පවුලේ කිසිම කෙනෙක් කලාවට සම්බන්ධත් නැහැ. පුංචි කාලේ වෙඩින් එකකදි මාව දැකලා මාමා කෙනෙක් තමයි වෙෙළඳ දැන්වීමකට මාව ඉල්ලලා තිබුණේ. මම මුලින්ම කැමරාවක් ඉස්සරහට එන්නේ අවුරුදු තුනේදි. මුලින්ම වෙෙළඳ දැන්වීම්වල තමයි රඟපෑවේ. ඒ අතරතුර තමයි ටෙලිනාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. මුලින්ම දෙරණ නාළිකාවේ විකාශනය වුන රාවණ ටෙලි නාට්‍යයේ මන්දෝදරී කුමරියගේ පුංචි කාලේ චරිතයට පණ පෙව්වා. එතැනින් පස්සේ ටෙලි නාට්‍ය ගණනාවක රඟපාන්න ලැබුණා. ප්‍රවීණ නැන්දලා මාමලා මට ගොඩාක් දේවල් කියලා දුන්නා ඉගැන්නුවා. අලුත් දේවල් ඉගෙ ගනිමින් තමයි ඉස්සරහට ආවේ.
බලන බලන හැම සම්මාන උලෙළකට පහන්දිට ඉඩක් වෙන් වෙනමයි නේද?
අවුරුදු දෙකක් පිට පිට සුමති සම්මාන උළෙලේ දක්ෂතම සහ ජනප්‍රියම ළමා තාරකාවිය වෙන්න අවස්ථාව ලැබුණා. ඒ වගේම ගොඩක් සම්මාන උලෙළවල් වල මට මොකක් හෝ සම්මානයක් ලැබිලා තියෙනවා. ඉදිරියට පැවැත්වෙන සම්මාන උලෙළවල් දෙකකින් ආරාධනා ලැබිලා තියෙනවා. මම රඟපාන්න ඇවිත් අවුරැදු 6 යි. අවුරැදු 6 ට මම කරපු චරිතවලට සම්මාන 7 ක් ලැබිලා තියෙනවා. ඒ සම්මානවලට මං හරි ආදරෙයි.
පහන්දිගේ කලා කටයුතුවලට පාසලෙන් ලැබෙන සහය කොයි වගේ ද?
මම දැන් ඉගෙන ගන්නේ 6 වසරේ. මගේ පාසල රත්නපුර jmc ජාත්‍යන්තර පාසල. පාසලේ ගුරුවරු මගේ යාළුවෝ විදුහල්පතිතුමා මේ සියලු දෙනා මට ගොඩක් උදව් කරනවා. වෙනස් කරන්නම බැරි දිනයක ෂුටින් වැටුණොත් මට පාසලෙන් ඒකට යන්න අවස්ථාව දෙනවා. මඟ ඇරුණු දේවල් මට හවස පන්ති දාලා හරි ගුරුවරු කියලා දෙනවා. ඒවගේ ලොකු ශක්තියක් මට පාසලෙන් ලැබෙනවා. පාසල් වැඩ අතපසු වෙන නිසා ටෙලි නාට්‍යවලින් අම්මි මාව අයින් කරගන්න හැදුවත් කියනවා අයින් වෙන්න එපා පාසල් අතපසු වෙන වැඩ කියලා දෙන්නම් කලා කටයුතුත් කරන්න කියලා. යාළුවෝ මං ගැන යන ආර්ටිකල්, වැඩසටහන් මගේ ටෙලිනාට්‍ය චිත්‍රපට බලනවා.
දුව වැඩිපුරම කැමති දිගටම රඟපාන්න ද?
රඟපාන්න ආසයි. චරිතයකට කතා කරාහම අම්මි මගෙන් අහනවා ෙමහෙම චරිතයකට කතා කරලා තියෙනවා කැමතිද කියලා. මම බෑකිව්වොත් අම්මා ඒක කරන්න කියලා බල කරන්නේ නැහැ. මං කැමති වුණොත් විතරයි අම්මි ඒ චරිතය බාරගන්නේ. ඉස්සර නම් මං ආස ඉංග්‍රීසි ගුරුවරියක් වෙන්න. ඒත් දැන් මං ආස අධ්‍යක්ෂකවරියක් වෙන්න.
නිවේදනයටත් මං හරිම ආසයි. වැඩසටහන් කිහිපයකටත් නිවේදනයෙන් කටයුතු කරන්න ආරාධනා ලැබිලා තියෙනවා.
අනේ මට තව පුංචි දෙයක් කියන්න පුළුවන්ද ?
අනේ කියන්න. මා නිහඬ වීමි....ධනුෂ්ක මාමා, මහේෂ් මාමා ආදරයෙන් මතක් කරන්න ඕන. මට රංගනයේ මේ තැන හදලා දුන්නේ එයාලා. ඒ වගේම මගේ රංගන හැකියාවන්ට අවස්ථාවක් දුන්න සියලු අධ්‍යක්ෂවරුන්ට මට උදව් කරපු සියලු නැන්දලා මාමලාව ගෞරවයෙන් මතක් කරනවා.
නදීශා අතුකෝරළ