ගෙදර ඉන්න එක මනුස්සයෙක් කියන්නැද්ද, අසාධාරණයට විරුද්ධවෙලා මහජනයත් එක්ක හිටගනිල්ලා කියලා
සුජානි මේනකා කියන්නෙ මේ අරගලයත් එක්ක දිගින් දිගටම එකතු වෙලා උන්නු කෙනෙක්. ඇය නිතරම අරගලකරුවන්ගේ පැත්තේ සිට කතා කළ අයෙක්.
මේ සටහන අපේ ඇස ගැටුණෙත් එලෙස ඇය අරගලය වෙනුවෙන් කතා කළ අවස්ථාවක් ලෙසයි.
රටක මහජනතාව ආරක්ෂා කරන්න ඉන්න පොලිසිය, රටේ හොරුන්ව ආරක්ෂා කරමින් අමනුස්ස අන්දමින් ක්‍රියාකරමින් ඒ හෙලුව ලෝකෙටම පෙන්වමින් ඉන්නවා. අපි හැදුනෙ එකම රටක. එකම අධ්‍යාපන ක්රමයක. එතකොට එකම ප්රශ්නය අපිට දෙවිදියකට පේන්නේ කොහොමද?
රස්සාවෙද ප්‍රශ්නෙ තියෙන්නේ? ඔය රස්සාවෙ එක වගන්තියක් නැද්ද අසාධාරණයට එරෙහිව නැගී හිටපන් කියලා . ගෙදර ඉන්න එක මනුස්සයෙක් කියන්නැද්ද අසාධාරණයට විරුද්ධවෙලා මහජනයත් එක්ක හිටගනිල්ලා කියලා.
ඔයාලගෙ අපේ වෙනස තියෙන්නේ කොතනද කියලා පැහැදිලියි. ඔක්කෝටම කලින් ඒක හොයාගන්න.
පුළුවන්නම් ඉක්මනට හොයාගන්න..... බොහොම ඉක්මනට ඕගොල්ලෝ ප්‍රමාද වැඩිවෙන්න පුළුවන් ......
රටට , මිනිස්සුන්ට ආදරේ කරන මහා විශාල පිරිසක් එකතු වී හමාරයි