ගීත්මා බණ්ඩාර විවාහ මංගල්‍යය පවත්වන හැටි කියයි
හිරු තරු මාවතේ පිය නඟමින් කලා ක්ෂේත්‍රයට පැමිණ පුංචි තිරයේ අහිංසකාවියක් විදියට කොයි කාගේත් ආදරය දිනා ගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියන්නේ. හිරු අවුරුදු කුමරිය වෙමින් කලා ක්ෂේත්‍රයට පිවිසි ඇය මේ වන විට ප්‍රේක්ෂක ආදරය ඉහලින් දිනා ගත්ත තාරකාවක්.
ගීත්මා මේ වන විට ප්‍රේමවන්තියක්. ඇගේ ආදරවන්තයා ව්‍යාපාරිකයෙක් කියලත් ඇය සදහන් කරනවා. ඉතින් ගීත්මාගේ විවාහය ගැනත් ගොඩක් දෙනා නොඉවසිල්ලෙන් ඉන්නේ. ඉතින් ඒ ගැන ගීත්මා මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි කියලා තිබුණේ.
”මම එයත් එක්ක යාලු වුන මුල් කාලේ වෙඩින් එක ගැන හිතන් හිටියා. අපිට ඕන වුණේ අපේ වෙඩින් එක වෙනස් විදියකට කරන්න. සිංහරාජ වනාන්තරේ උස කන්දක අවුට් ඩෝර් නිදහස්ව ගන්න හිටියේ. එන කට්ටියට කොට කලිසම් තමයි අදින්න කියලා තිබුණේ කූඩැල්ලො ඉන්න නිසා. නමුත් කොට කලිසම් අදිනවට කට්ටියක්ගේ ගෙවල් වලින් අකමැති වුණා. බලමු දැන්නම් කිසිම ප්ලෑන් එකක් නෑ. ඒත් වෙනසක් කරන්න බලන් ඉන්නේ.”