ගණන් කරන්න බැරි තරම් පිරිසක් මට ආදරේයි කියලා තියෙනවා
දිගු කාලයක් තිස්සේ රංගන ක්ෂේත්රය තුළ නිතර දුටු අශිකා මතසිංහ මේ දිනවලද ටෙලි නිර්මාණ කිහිපයක් හරහා ප්රේක්ෂක ඔබ හමුවට පැමිණේ. මෙවර අශිකාට අපි වෙනස්ම විදිහේ ප්රශ්ණ කිහිපයක් යොමු කළේමු. මේ ඇය ඊට ප්රතිචාර දැක්වූ හැටි..
අශිකා කියන්නේ මොන වගේ කෙනෙක්ද?
මම ජීවිතේ ජයගන්න උත්සාහ කරන ධෛර්යමත් කාන්තාවක් කිව්වොත් වඩාත් නිවැරදියි.
නිරූපණයට, රංගනයට අමතරව අශීකා දක්ෂ තව මොනවටද?
ගීත ගායනා කරන්න තමයි මුලින්ම ආසාවෙන් හිටියේ පාසල කාලේදී නම්. බටහිර සංගීත කණ්ඩායමේත් හිටියා. තව පාසලේ බටහිර තූර්ය වාදක කණ්ඩායමෙත් මම හිටියා.
අශීකා කැමතිම ක්රීඩකයා කවුද?
ඩිලන්ත මාලගමුව. ලංකාවේ නම ලෝකේටම අරගෙන ගිය ක්රීඩකයෙක්. මට වරක් ඔහුව රූපවාහිනි වැඩසටහනකදි මුණගැහුණා. හරිම නිහතමානි පුද්ගලයෙක්. මා ඔහුට ගොඩක්ම ගරු කරනවා.
නිතර අහන්න කැමතිම ගීතය මොකක්ද?
මගේ රටට දළදා හිමි සරණයි.. මෙහි පද පේළිය වගේම සංගීතය ඉතාමත් ලස්සනයි. හිතට දැනෙනවා. අනෙක් කාරණය තමයි මගේ රට ගැන ලියැවුණ ගීතයක් මේක.
නරඹපු හොඳම චිත්රපටය මතකද?
මේරි කොම් හින්දි චිත්රපටියට කැමතියි. ඒ චිත්රපටය මම කිහිප වරක් නැරඹුවා. අදටත් මට පුළුවන් ඒ චිත්රපටය මුළ සිට අගටම එකදිගට නරඹන්න. කිසිම කම්මැළිකමක් නැහැ. ඒ වගේම ඒ චිත්රපටයටත් මගේ ජීවිතේටත් ගොඩක් සමානයි කියලා හිතෙනවා.
ජිවිතේ දුක හිතුණ අවස්ථා නැද්ද?
දරුවො ලෙඩ වුණාම මැරිලා ඉපදෙනවා වගේ දැණුන අවස්ථා කිහිපයක්ම තියෙනවා. මගේ ජීවිතේ ඒ අවස්ථා කිහිපයේදීම මම මා ගැන පසුතැවුන තරම් දන්නෙ මම විතරයි. ගොඩක් යෙහෙළියන් මගේ හිත හදමින් මගේ වටේට හිටියා. ඒ දීපු මානසික ශක්තිය මට මිල කරන්න බැහැ. එයාලට මේ වෙලාවේ ස්තුතියි කියන්න ඕනෙ කියලා මට හිතුනා. තව අවස්ථාවක මගෙ සැමියා පාපන්දු ක්රීඩා කරන කොට වැටිලා ඔලුව වැදිලා පැය ගානක් සිහිවිකල් වෙලා හිටපු පැය කීපය මට මුලු ලෝකෙම නැති වුණා වගේ දැනුනා. ඒ වෙලේ දුක බෙදාගන්නවත් දුක කියාගන්නවත් කෙනෙක් හිටියෙ නෑ. මාස දෙකක පුංචි පැටියා ඔඩොක්කුවෙ තියන් රෑ එළිවෙනකල් ඇඩුවා දෙවියන්ට කිය කියාම.
සතුන්ට ආදරේයිද?
සතුන්ට ආදරෙයි. කතා කරන්න බැරිකම විතරයි. ඔවුන්ට මිනිසුන්ටත් වඩා කෙලෙහිගුණය තියෙනවා කියලා බොහෝ අවස්ථාවලදි මම දැකලා තියෙනවා.
අශිකාට හිතන විදිහට ඔයාගේ ඇගේ ලස්සනම අවයවය කුමක්ද?
මගේ මුහුණ තමයි ඉතින්. ගොඩක් අය කියනවා මගේ හිනාවත් ලස්සනයි කියලා. ඔව් වෙලාවකට මටත් හිතෙනවා මගේ මුහුණ වගේම මගේ හිනාවත් ගොඩක් ලස්සනයි කියලා.
දැනට කී දෙනෙක් විතර අශිකාට ආදරේයි කියලා තියෙනවාද?
ගනන් කරන්න බැරිතරම් අය ආදරේ කියලා තියෙනවා. අපි හැමෝම ජීවිතේදි හොයන්නෙ ආදරේ තමයි. ඒක තමයි ඇත්ත. ඒ ආදරේ ලබාගන්න විදියට තමයි මම ගොඩක් වෙලාවට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. ඉතින් මට ආදරේ හැමෝටම මාත් ගොඩක් ආදරේයි.
බුද්ධික සේනාධීර