ගොඩක් සැරයි. හැබැයි එයා හරි ෂෝක්. මට ගොඩක් ආදරෙයි.
රයිනි.. පුංචි කාලේ වින්ඩි එක්ක ගත කරපු ළමා කාලය සහ අද ගෙවන කාලය අතර යම් වෙනසක් තියෙනවද?
ඔව්.. එදාට වඩා අද අපි දෙන්නා ගත කරන ජීවිතේ ගොඩක් වෙනස්. මට වඩා වින්ඩි අවුරුදු හයහමාරක් බාලයි. ඒ කාලේ අපි දෙන්නට එකතුවෙලා කතා කරන්න දේවල් තිබුණේ නැහැ. අපි දෙන්නාගේ චරිත වුණත් චුට්ටක් වෙනස්. ඒ නිසා අපි දෙන්නට එක තැනකට එන්න හරි අමාරුයි. පුංචි කාලේ එයා හරිම නිහඬ, තමන්ගේ පාඩුවේ හිටපු චරිතයක්. සමහර වෙලාවට මම නංගි එක්ක යාළු වෙන්න හැදුවත් එයා යාළු වුණේ නැහැ. එයා මාත් එක්ක යාළු වෙන්න හදපු වෙලාවට මම යාළු වුණෙත් නැහැ. අපි දෙන්නා ඒ ඒ වෙලාවට ටිකක් වෙනස් වුණා. දැන් අපි වෙනස්. අපි හරි එකතුයි. ඕනෑම දෙයක් කතා කරනවා. තනි තනිව තීරණය කරනවාට වඩා අද අපි එකතුවෙලා තීරණ ගන්නවා. මායි අක්කියි නංගියි විතරක් ඉන්න WhatsApp group එකක් තියෙනවා. අපි ගොඩක් දේවල් ඒකෙන් කතා කරනවා. අපේ අදහස බොහෝ වෙලාවට කියන්නේ ඒ මාර්ගයෙන්. චූටි කාලේ අපි ගොඩක් රණ්ඩු වුණා. හැබැයි දැන් අපි එහෙම රණ්ඩු වෙන්නෙ නැහැ.
පොඩි කාලේ ඔයාගේ නංගි එක්ක වැඩිපුරම රණ්ඩු වුණේ මොනවටද?
රිමෝට් එකට පවා අපි රණ්ඩු වුණා. චූටි කාලේ මම හරියට නංගිගෙන් වැඩ ගත්තා. එයා කරන්නෙත් නැහැ. වැඩ දහයක් කිව්වොත් එයින් එකක් තමයි කොහොම හරි කර ගත්තේ. අපි වින්ඩිට කියන්නෙ 'පූපා' කියලයි. අදටත් එහෙමයි. ටිකක් ලොකු වෙද්දි පූපට මේක හරියන්නේ නැහැ කියලා තේරුණා. ඒ නිසා එයා වැඩ කරලා දෙන එක නැවැත්වුවා. පස්සෙ මම විශ්වවිද්‍යාලයට ගිය නිසා එහෙම නතර වුණා. ඒ නිසා අපේ රණ්ඩුත් නතරවෙලා අපි හොඳ සහෝදරියන් වුණා. ඒ කාලෙදි එයා එක්ක ගතකරන්න මට ඉඩක් ලැබුණේ නැහැ.
අද වින්ඩි අපූරු ගායන හැකියාවක් ඇති කලාකාරියක්. ඇගේ ඒ හැකියාව ගැන අක්කා කෙනෙක් විදිහට මොකද හිතන්නෙ?
නංගි චූටි කාලෙ ඉඳන් හරි ලජ්ජා කෙනෙක්. එයාට සංගීතය පිළිබඳව හැකියාව තියෙනවා කියලා එයා චූටි කාලේ ඉඳන්ම අපි දැනගෙන හිටියා. අපි රෑ සඳ රැ කියලා ලෝකය වටේම සංගීත ප්‍රසංග මාලාවක් පැවැත්වුවා. මම මට අවුරුදු පහළොවේදි පටන් මේ ප්‍රසංගවල එක සින්දුවක් හරි කිව්වා. අපිට ගිනි කඳු කියලා සින්දුවක් තියෙනවා. ඒ සින්දුවට මමත් ඉන්න නිසා නංගිත් ආවා. සමහර වෙලාවට තාත්ති නංගිට කතා කළත් නංගි එන්නෙ හරිම අඩුවෙන්. මට තාම මතකයි කැනඩාවේ තිබුණු ප්රසංගයකදි නංගිට අම්මා ටොක්කක් පවා ඇන්නා. ඇත්තටම නංගිට හැකියාව තිබුණාට එයා ඉදිරිපත් වුණේ හරිම අඩුවෙන්.
මෑත කාලෙදි වින්ඩිගේ ගායනය පිළිබඳව බොහෝ දෙනා කතා කළේ ලක්ෂ්මන් විජේසේකර සහ චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කරන දැල්වූ පහන් ගීතයෙන්. ලක්ෂ්මන් විජේසේකර සමඟ වින්ඩි එය ගායනා කළ අවස්ථාව ගැන මොකද හිතන්නේ?
ඔව්.. ඒකටත් අපි වින්ඩිව යැව්වේ බොරුවක් කියලයි. ඒ ප්‍රසංගයට අම්මා ලංකාවේ හිටියේ නැහැ. ලක්ෂ්මන් අංකල්ගේ දුව අමා අක්කි තමයි මට මේ ගීතයට මුලින් කතා කළේ. මම මුලින්ම සින්දුව කියලත් බැලුවා. නංගි අම්මිගේ සින්දු කියද්දි වෙන ලස්සනක් තියෙනවා කියලා මම දැනගෙන හිටියා. ඒ නිසා අමා අක්කිට මම ඇමතුමක් දීලා අක්කි අපි මේක නංගිට දෙමු* කියලා කොහොම හරි වින්ඩිව සම්බන්ධ කළා. මුලින් වින්ඩි කැමති වුණෙත් නැහැ. අම්මිත් නැහැ. මාත් එදාට නැහැ. ඒ නිසා ඔයා කොහොම හරි යන්න* කියලා පොඩි බොරුවක් කියලා මම පූපව කැමති කර ගත්තා.
ඇත්තටම වින්ඩි ඒ ගීතය ලක්ෂ්මන් විජේසේකර එක්ක ගායනා කරද්දි ඔබට මොකද හිතුණෙ?
ඒක අහද්දි 'ආ.. හොඳට කළා' කියලයි මට හිතුණෙ. නංගිගේ ගායන හැකියාව ඒ වෙද්දි මට මැජික් නෙමෙයි. පුංචි කාලේ ඉඳන් එයාගේ තිබුණු හැකියාවන් අපි දැනගෙන හිටියා. හැබැයි එයා ඒවාට ඉදිරිපත් වුණේ නැහැ. ඒ නිසා මට එයාගේ ගායනය අරුමයක් වුණේ නැහැ. වින්ඩි වේදිකාවේ ගීත ගායනා කරද්දි ප්‍රේක්ෂකයන් එක්ක පොඩ්ඩක් නැටුවොත් නම් මම පුදුම වේවි. මම ගීත ගයද්දි පොඩ්ඩක් නැටුවත් වින්ඩි එහෙම නැහැ. හිටපු ගමන් එයා එහෙම අපිව පුදුම කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවට නම් අපිට මාර සතුටුයි. අම්මිගේ ඉස්සර කටහඬ වගේම කටහඬක් නංගිට තියෙනවා. අක්කිවත් මමවත් නංගිවත් අම්මව අනුකරණය කරන්න උත්සාහ කරන්නෙ නැහැ. හැබැයි තුන්දෙනාටම ඒ කටහඬ යම් යම් විදිහට ලැබිලා තියෙනවා. ඇත්තටම නංගි ගැන මට තියෙන්නෙ ලොකු සතුටක්. ලොකු ආඩම්බරයක්.
ඔන්න ඔහොම රයිනි එයාගේ ආදරණීය පූපා ගැන කියද්දි වින්ඩිගෙන් අක්කා ගැනත් චුට්ටක් ඇහුවා.
වින්ඩි.. අක්කා සැරයිද?
අම්මෝ ඔව්.. ගොඩක් සැරයි. හැබැයි එයා හරි ෂෝක්. මට ගොඩක් ආදරෙයි. මම චුට්ටක් මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඒ නිසා අක්කි එක්ක හැමවෙලේම කියවන්නෙ නැහැ. හැබැයි අක්කිලා දෙන්නයි මායි ඉන්න අපේ WhatsApp group එක හරහා අපි හැමදාම කතා කරනවා. හැමදාම message යවනවා.
වින්ඩිගේ අලුත් ගීතය ගැනත් අපි කතා කරමු?
මගේ අලුත් ගීතය මනාලි ගීතයයි. ඒක මම ගායනා කළේ සනුක එක්කයි. මගේ ගීත ඇල්බම් එක්ක එළිදක්වන්නත් මම බලාපොරොත්තු වෙනවා. බොහෝ විට ලබන වසරේදි ඒ ගීත ඇල්බම් එක එළිදකීවි.
දිශානි ජයමාලි