ගොඩක් අය හැමවෙලේම වගේ මට මේ දේ කිව්වා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

කාවින්ද්‍යාගේ ජීවිතයේ මේ ඇය ගෙවන්නේ වසන්තය කිව්වොත් හරි. ප්‍රශ්න නැති ජීවිතයක් මේ ලෝකේ කොහේවත් නැහැ. හැබැයි අපේ අමාරුකාලේ අපි අපිවම විශ්වාස කරලා ඒ දේවල් උපේක්ෂාවෙන් දරාගන ඕන.

කවී කියන්නෙත් අන්න ඒ වගේ හිත හයිය කෙල්ලෙක්. ඇය සමහර වෙලාවට වෙන කවුරුත් කියන දේවල් විශ්වාස කරන කෙනෙක් නෙවෙයි.. ඒ වගේම ඇය ඒ කතා ගනන්ගන්නෙත් නැහැ.

ඒත් ජීවිතේ ආව වැටීම් ඇය ඉස්සරහට ගත්ත අඩිය පස්සට ගත්ත අවස්තා ඕන තරම් ඇති. ඒත් අද ඇයදිනපු ජීවිතේ ගැන ඇය ඉන්නේ සතුටෙන්.. මෙන්න ඒ සතුටත් එක්ක කවී එක්කරලා තිබුණ අපූරු සටහන බලන්නකෝ. "ඉඩෝරය හැමදාටම තියෙන්නෙ නෑ... වසන්තය ඉක්මනටම උදා වෙනවා", ගොඩක් අය හැමවෙලේ ම වගේ මට මේ දේ කිව්වා...

හැබැයි මට ඒ කවුරුත් විශ්වාස කරන්න තරම් හිතක් ඒ කාලෙ ඉඳන් ම තිබුනෙ නෑ...
කල් යන්න යන්න, ප්‍රශ්න එන්න එන්න, හිතේ ශක්තිය නම් වැඩි උනා කියලා දැනුනා.... ඒත්, ඒ කොහොම උනත් වසන්තයක් ගැන නම් හීනෙකින් වත් බලාපොරොත්තු උනේ නෑ....
හැබැයි මම "විශ්වය" (universe) ගැන හුඟාක් විශ්වාස කරපු කෙනෙක්... හිත යට චූටි කොනක හැම තිස්සෙම පුංචි ම පුංචි බලාපොරොත්තුවක් තිබුනා දවසක කෙනෙක් ඇවිත් ඒ "වසන්තය" මට ලඟා කරයි කියලා...
අන්තිමේ දි එයා ආවා තාවකාලිව නෙමේ, සදාකාලික වසන්තයක් ලෙස මගේ ලඟ ඉන්න....
ගොඩක් අයට හිතන්න පුලුවන්, "ඔයෙ කොච්චර කිව්වත් ඉඩෝරය ලඟ ලඟම ආයෙ එන්න බැරි නෑ", කියලා...
ඔව්, ඒක ඇත්ත මොකද අපි කරපු සහ කරන පිං/පව් අනුව නෙ අපිට ජීවිතයේ දේවල් ලැබෙන්නේ...
හැබැයි, මම විශ්වාස කරනවා "හිත ශක්තිමත්" දෙන්නෙක් මුණගැහුනාට පස්සේ ඉඩෝරයත් වසන්තය ලෙස භාර ගෙන ඉදිරියට යන්න ශක්තිය තව තවත් ලැබෙනවා කියලා...
හිතේ ශක්තිය දියුනු කිරීම, අත අරින්න එපා මොන ප්‍රශ්නෙ ආවත්, දවසක හැමදේටම "කාලය" උත්තර දෙනවාම යි...
"හිටොයොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී", කියන්නේ නිකං නෙමේ...."