කසුන්ගේ පියා ගැන මාධවී තැබූ සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මාධවී වත්සලාගේ ආදරණීය සහකරු කසුන් මහේන්ද්‍ර හීනටිගලගේ පියානන්ගේ හදිසි අභාවය ගැන අපි ඔබ වෙත ගෙන ආවා. ඒ වගේම කසුන් ඔහුගේ පියානන් ගැන තබපු සංවේදී සටහනත් අපි ඔබ වෙත ගෙන ආවනේ. මේ මාධවි ඒ ගැන තබපු සටහන.

"ඊයේ තාත්තා හරිම ප්‍රබෝධයෙන් හිනා වෙලා බත් කන ගමන් මාව ලඟට අරන් මාධවී දුවේ මෙහෙ එන්නකෝ. මං චණ්ඩි කුමාරිහාමි බැලුවා අර සුද්දට ගහන සීන් එක හරිම අගෙයි. ඒජන්තට කේලම කියන එකත් හරිම ගාම්භීරයි කිව්වා. අද ඇඳුමත් හරිම ලස්සනයි කියලත් කිව්වා. රෑ කසුන්ට කන්න හදපු බත් එක පුරුදු විදිහට අක්කට යැව්වා බලන්න. එයා ඒක තාත්තා ට පෙන්නලා. මටත් ආසයි ඒ බත් කන්න කිව්වලු. මං හදාගෙන යන කෑම තාත්තායි අක්කයි තමයි ගොඩක් ආසාවෙන් කන්නෙ. ඉතිං ගෙනියන්න කළිං තාත්තා ඇස් පියාගෙන. අවසන් කටයුතු වෙන තැනක් දවසක් ගැන පස්සෙ දැනුම් දෙන්නම්."