කසුන් දැකපු හීනය සැබෑ කරගන්නෙ මේ අවුරුද්දෙ අන්තිමලු
මාධවී සහ කසුන් කියන්නේ මේ වනවිට ජනප්‍රිය පෙම්වතුන් යුවළක්නේ.මේ දෙන්නා ගැන අලුත් තොරතුරු දැන ගන්න ගොඩ දෙනෙක් ආසයිනේ. කසුන් ඔන්න එයාගේ හීනය වුන එයාගෙම චිත්‍රපටයක රූගත කිරීම් මේ අවුරුද්ද අවසානය වෙනකොට ආරම්භ කරන්නලු සූදානම. ඒ වෙනුවෙන් ගොඩාක් හීන මැව්වා කියලයි කසුන් කියන්නේ වගේම එයාගෙ ආදරවන්තිය ගැනත් ඔහු මතක් කරලා තිබුනා.
"ඇත්තටම මං මාධවී මගේ පෙම්වතිය හැටියට තෝරාගන්නෙ ඇය ඇගේ ජීවිතය තුළ බොහොම පසුබෑමකට විශාල රැවටීම් ගණනාවකට වගේම සීත් පීඩාවන් රැසකට ලක්වෙලා කඩාවැටිලා මානසිකව වේදනා විඳින කාලයක. මං හිතනවා මගේ ආදරෙන් මාධවීට අහිමි වෙලා තිබ්බ සතුට සැනසුම ඇගේ ලස්සන හිනාව ආයෙත් ඇයට ලැබුණා කියලා. මගේ ලොකුම සතුට ඒක. "
කසුන් කියන විදිහට නම් කොළේක අත්සන් අයිති කරගන්නවට වඩා ආත්මයෙන් බැඳෙන එකලු හොඳ.