කවියෙක්ට ආදරේ කරන මාධවී ඇන්තනීට පෙම් කවි වැස්සක්
ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් දියණිය මාධවී වත්සලාගේ අලුත් පෙම්වතා කසුන් මහේන්ද්‍ර හීනටිගල ගැන මේ දිනවල හැමෝම කතාබහ වෙනවා. ඒ ඔවුන්ගේ ප්‍රේමය මාධ්‍යයට ප්‍රකාශ කිරීමත් එක්ක ඔවුන් සමාජ මාධ්‍යවල හැසිරෙන ආකාරය අනුවයි.
කසුන් නීතිවේදී උපාධිධාරියෙක්, නිර්මාධ්ය අධ්යක්ෂවරයෙක් වගේම කවියෙක්. කසුන් ඔහුගේ සමාජ මාධ්‍යවල කවියෙක් හැටියට මීට පෙර ජනප්‍රිය වුණු තැනැත්තෙක්.
කසුන් ඔවුන් දෙපළගේ ඡායාරූපයක් පළ කරමින් අපූරු කවියක් පසුගියදා සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.
ඵත දැක්වෙන්නේ ඒ ඡායාරූපය සහ කවියයි.
සංසාර සංචාරෙ සංතාප නසනා
සංනාද සංවාද සංසුන් ය ඇසෙනා
සංතාන සංපාද සංතාල තබනා
සංසාරෙ දිගු කරනු සංප්රේම සොබනා !