කලයක පටන් තිබුණ හීනයක් මේ වසරේදී ඉටු වෙනවා
තරුණයන්ගේ සිහින කුමරිය ලෙස වර්තමානයේ හඳුන්වන ඉෂංකා අබේසේකර මේ වසරේදී තමන්ගේ කාලයක පටන් තිබු සිහිනයක් ඉටුකර ගැනීමට සුදානමින් සිටියි. මේ ඒ පිළිබඳව ඇය අපට පැවසු දේ.
කාලයක ඉඳලා තිබුණ මගේ හීනයක් මේ වසරේදී සැබෑ වෙනවා. ඒ ISHskin beauty products නමින් මගේම කියලා Shop එකක් විවෘත කරනවා ජනවාරි මාසයේදි. එහි නිළ වෙබ් අඩවිය www.ishskin.com පාරිභෝගිකයින්ට දැන් විවෘත කරලා තියෙනවා. ඊට අමතරව කලා කටයුතුත් එක්ක මේ වැඩ ටික සමබරව කරගෙන යන්න තමයි මම උත්සාහ කරන්නේ කිව්වොත් හරි. කලාව පැත්තෙන් වටිනා අවස්ථා කිහිපයක්ම මේ වසරේදි මට ලැබිලා තියෙනවා. මම හිතන්නේ මගේ කලා දිවියේ වෙනස්ම මානයකට ඒ නිර්මාණ මාව රැගෙන යයි කියලා.