කලාකරුවෝ දේශපාලනය තෝර ගන්නේ තමන්ට ගොඩ යන්නයි - සමනලී ෆොන්සේකාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ටෙලි නාට්‍ය ක්ෂේත්රය පුරාවටත් සිනමාව තුළත් ආකර්ෂණීය චරිත රැසකින්ම අපි හමුවට ආපු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සමනලී ෆොන්සේකා. ඇය කලා පවුලක හැදී වැඩුණු සුන්දර කලාකාරිනියක් වන අතර සෑම අවස්ථාවකදීම ලැබෙන සියලුම චරිත වලට සාධාරණීය රංගන කුසලතාවයක් දක්වන්නත් ඇය අමතක කරන්නේ නැහැ.
ඇය කොතෙක් දක්ෂ කලාකාරිනියක් ද කියනවා නම් බොහෝ අවස්ථාවන් වල දී රංගනයෙන් දායක වූ ටෙලි නිර්මාණ සඳහා ජූරියේ විශේෂ සම්මාන ඇතුළු විවිධ සම්මාන වලට නිර්දේශ වීම සහ එම සම්මානය ලබා ගැනීමටත් වාසනාවන්ත වුණා. පසුගියදා ඇය රූපවාහිනි වැඩසටහනක් සමග සම්බන්ධ වෙමින් රටේ දේශපාලනය පිළිබඳව මෙවැනි මතයක් දැරුවා.
මම හැමතිස්සෙම කියන එකක් තමයි ලංකාවේ කලාකරයා දේශපාලනය තෝරගෙන තියෙන්නේ ඇයි? ඇයි ඔවුන් දේශපාලනය ගැන කතා කරන්නේ කියන කෑල්ල අපි අරගෙන බැලුවොත් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒ වැඩේ කරලා තියෙන්නේ තමන්ට ගොඩ යන්න, තමන්ට වැඩක් කර ගන්න. එහෙමත් නැත්නම් තමන්ට ස්ථාවරත්වයක් ලබා ගන්න. මම හැමතිස්සෙම කියන එකක් තමයි හරියන තැන නෙමෙයි හරි තැන හිට ගන්න. හරි තැන හිට ගන්න අමාරුයි. පහුගිය දේශපාලන කතා බස් වලදී මගෙන් අහපු එකක් තමයි ගොඩක් අය ඔයගොල්ලෝ උදව් කරන පක්ෂය හරි කණ්ඩායම හරි දිනන් නැහැනේ කවදාවත්. ඇයි ඒක කිසි තේරුමක් නැහැනේ. මිනිස්සු ඡන්දය පාවිච්චි කරන්නේ දිනන එකකටනේ. දිනන පැත්තටනේ ඡන්දය දෙන්න ඕනේ. අපරාදෙනෙ නැත්නම් ඒ කෙනාගේ ඡන්දය. මං අහන්නේ දිනන පැත්ත කියන්නේ මේක තරගයක් නෙමෙයිනේ. ක්‍රිකට් තරගයක් නෙමෙයිනේ ඡන්දය කියන්නේ. දිනන පැත්ත කියලා යෝජනා වෙලා තියෙන එකම නම් ආයේ ආයේ දිනවන්න මිනිස්සු පෙල ගැස්වෙන්නේ, මිනිස්සු හිතනවා නම් තමන්ගේ ඡන්දය වටිනාකම තියෙන්නේ එහෙම තැනක කියලා ඒකම මාරම අභාගයක් කියලා මම හිතන්නේ. හරි තැන දැන දැන, හරිම තැන මෙතන කියලා දැන දැන දිනන තැනට දෙන ඡන්දය පාවිච්චි කරන එක දිනන තැන් දෙකෙන් එකකට දෙන ඡන්ද පාවිච්චි කරන එක. අපි හැම තිස්සෙම හිට ගන්නේ මිනිස්සුන්ගේ මේ මත වාදය වෙනස් කරන්න පුළුවන් ආස්ථානයක කියලා මම විස්වාස කරනවා.