කිරුළ ගැළවුණු පුෂ්පිකාගෙන්, කිරුළු පළන් රනිල්ට ලියමනක්
පුෂ්පිකා ද සිල්වා කියන්නේ 'මිස් ශ්‍රී ලංකා' කිරුළ නිසාම ලෝකයේම කතාබහට ලක්වුණු චරිතයක්. අනතුරුව කෙසේ හෝ 'මිස් ශ්‍රී ලංකා' සන්නාමයට හිමිකම් කියූ ඇය, 'මිස් වර්ල්ඩ්' තරගයේ අවසන් 6 දෙනා අතරට ද එන්නට සමත් වුණා.
එසේ වුවත්, තමන්ගේ ජයග්‍රහණය රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ විසින් අහිමි කළ බවට පුෂ්පිකා මුල සිටම චෝදනා එල්ල කළා.
මෙම චෝදනා සහ අපහාසයන් හමුවේ ඇයට හිමි 'මිස් ශ්‍රී ලංකා' සන්නාමය ද අහිමි කරවන්නට චන්දිමාල් කටයුතු කර තිබුණා.
සමාජ මාධ්‍ය තුළ බොහෝම ජනප්‍රිය පුෂ්පිකා නිරන්තරයෙන් විවිධ දේ සමාජ මාධ්‍ය තුළ පළ කරනවා.
අද දවසේ රනිල් වික්‍රමසිංහ 8 වන විධායක ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමඟ පුෂ්පිකා ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට ත් සටහනක් එක් කර තිබුණා.
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී ජනරජයේ 8වන විදායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට සුභ පැතුම් එක් කරමි. රටේ වර්තමාන අර්බුද තත්ත්වය උදෙසා සිටින හොදම විසදුම මෙතුමන් වන අතර, අනෙකුත් පක්ෂ සියල්ල එක් වී, රටේ තරුණයින්ගේද සහය ඇතිව රටෙහි දියුණුව උදෙසා කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි.
- පුෂ්පිකා ද සිල්වා