කිරුළු අර්බුදයක් නිසා රටක් කතා කළ චූලා පද්මේන්ද්‍රගෙන් හදිසියේ ම හෙළිදරව්වක්
පසුගිය වසරේ මිස් ශ්‍රී ලංකා හි සිදුවූ කිරුළු අර්බුදය නිසාම කතාබහට ලක්වුණු චරිතයක් තමයි චූලා පද්මේන්ද්‍ර කියන්නේ. ඇගේ එදා දවසේ හැසිරීමට බොහෝ පිරිසකගේ විවේචන එල්ල වුවත් අද දවසේ ඇය එදා සිදු කළ දේ සාධාරණිකරණය කරන පිරිස් ද නැතුවාම නොවේ.
මේ දිනවල පැවැත්වෙන සාමකාමී, නිර්පාක්ෂික අරගලය තුළත් සක්‍රීය චරිතයක් වන චූලා මුහුණු පොතේ පළ කළ සටහනක් තමයි මේ..
ආදරයේ අරගලයට අනුරංග එකතු වන්නේ අප සියලු දෙනාගෙම හෙට දවස සුරක්ෂිත කරන්නටය. අද වැනි පුරවැසි අයිතින් මංකොල්ල නොකන හෙටක් වෙනුවෙන් ආයාචනා කරන්නටය. අරගල භූමියේ ලස්සන හිත් ගැහුනේ සාමූහික අදහස් මල්ඵල ගන්නට මිස පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් නොවේ. අනුරංග ද ඉන් එකෙකි. ඔබේ අයිතීන් වෙනුවෙන් තමන්ගේ සුව පහසුව කැප කළ අයෙකි. අද ඔහු සිටින තැන ඔහුට උරුමද? ගිනි මද්දහනේ සාමකාමී අරගලයකට කඩා වැද අමු අමුවේ මේ අහිංසක කොල්ලන්ට පොලු මුගුරු වලින් දුන් ප්‍රහාර කැමරා කාච වල සටහන්ය. අනුරංග ට එල්ල වන්නේ ඔහු සංවාදයක්වත් නොකරන නාදුනන්නෙකුගේ මිලේච්ඡ ප්‍රහාරයක්. තාරුණ්‍යයේ කරදන්ඩූ උස්මහත් කොල්ලෙක් අකර්මණ්‍යව ඇදවැටෙන්න තරම් ඒ පහර කොතරම් ප්‍රබල ද. ඒ කෙසේ වීද නම් අද ඔහු හිස්කබලෙන් කොටසක් ඉවත් කෙරුනු තීරණාත්මක සැත්කමකින් පසුව එක් අතක් අක්‍රීය ව රෝහල් ඇදකය. ඔහු ඔබ අප වෙනුවෙන් පැතූ නිදහසට, අව් වැසි නොතකා අරගලයේ හෙලූ දහඩියට, රත්තරන් පුතෙක් රටක් වෙනුවෙන් හඬ නගන්න ගෙදරින් එවූ දෙමාපියන්ට යුක්තිය ඉටු කිරීමේ වගකීමක් අප හා ශ්‍රී ලංකා නීතිය සතු නොවෙද? තවදුරටත් ප්‍රචණ්ඩත්වයට ඉඩ නොදෙමු. මේ මිලේච්ඡ ප්‍රහාර වලට නීතිය ඉදිරියේ යුක්තිය උදාවන දිනය වැඩි ඈතක නොවිය යුතුය. අනාගත සුභ සිහින දැකිය හැකි ආදරණීය රටක් අනුරංගලාට ගොඩනැගිය යුතු ය. අළුත් ලොවක් ගැන සිතීම - දඩුවම් දෙන වරද වුනි නම් ඒවූ අලුත් ලොවේ යුක්තිය සදාචාරය අද ගොඩනැගිය යුතුය.