කුරුසයේ බර දරාගෙන, කිලෝමීටර් ගාණක් දුර ආපු හයිය හිතක් ඇති කොල්ලා ! ජෙහාන් ගැන නොදැන හිටපු කතාවක් මෙන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජෙහාන් අප්පුහාමි. කුරුසයක් කර මත තියාගෙන කිලෝමීටර් ගාණක් මේ තරුණ නළුවා ඇවිද යනවා. ඒ පාස්කුදා ප්‍රහාරයෙන් මිය ගිය සහ එක්තැන් වුණු පිරිස් වෙත සාධාරණයක් අයදමින්. ජෙහාන් ඒ දුර ගෙවාගෙන එනකන් කළණ ගුණසේකර මඟ බලාගෙන හිටියා. මේ කතාව ජෙහාන් ගැනයි. ඔබත් කියවලම බලන්න.

ආදරයේ අරගලය..
ජෙහාන් ගමන ආරම්භ කරන්නෙ කටුවාපිටියෙන්..එතන ඉඳන් සෙරෙප්පු දෙකක්වත් නැතුව කට්ට අව්වෙ එහෙම නැත්තම් වැස්සෙ තෙමි තෙමි කොච්චිකඩේ වෙනකන් කිලෝ මීටර් හතලිහකටත් වඩා දුරක් පයින්ම එන්නෙ ඇඟේ හයියටත් වඩා හිතේ හයියෙන්..
 
ඒ පුංචි ඇඟ ඇතුළේ එච්චර හයිය හිතක් තියෙනවද කියල හිතෙද්දිත් පුදුමයි..
 
මේ ෆොටෝ එකේ තියෙන්නෙ ජෙහාන් අන්තිමේදි කොච්චිකඩේ පල්ලියට ඇවිත් බිම ඉඳගත්ත වෙලාව..
 
මේ වෙලාවෙ දසුන් (දසුන් පතිරණ) Dasun Pathirana ඇවිත් හරි ආදරෙන් ජෙහාන්ගෙ ඔළුව ඉඹිනවා.ඒ වගේම ධනුක Danu Dil Shan Danuka Dilshan , දසුන්, අංජන (පතෝලයා) Anjana Premaratna සෙට් එකම වටේම ඉඳන් පටන්ගත්ත දවසෙ ඉදන්ම ජෙහාන්ට හයියක් වෙනවා. තව ටිකයි තව ටිකයි කියල මාරම ගටක් එයාට දෙනවා..
 
ජෙහාන්ගෙ ආදරණිය බිරිඳ එක දරුවෙක් වඩාගෙන අනිත් දරුවො දෙන්නත් එක්කම ජෙහාන් එක්ක ඇවිදන් එන්නෙ ඒ වගේ එදා බෝම්බෙන් මැරුන පුංචි පැටවුන්ට යුක්තිය බලාපොරොත්තුවෙන්.
 
ඒ දුවල තුන් දෙනාම දවසක හරි ආඩම්බරෙන් තාත්තා ගැන කතා කරයි. තවම නොතේරුනත් තාත්තගෙ අතේ එල්ලිලා හිටපු පුංචි ලිලී කියයි මගේ තාත්තා වීරයෙක් කියලා
 
ඔව් ඒ කුරුසෙ හරි බරයි. ජෙහාන් ඒ තනියම උස්සගෙන එන්නෙ පාස්කුවෙන් පීඩාවට පත් උන හැම කෙනෙක්ගෙම දුක වේදනාව. ඒ හැමදෙනාගෙම පවුලෙ අයගෙ හිත්වල බර. අවුරුදු තුනක් ගිහිනුත් අයින් කරන්න බැරි උන කම්පනය. පාස්කුව නිසා එක සුසුමක් හරි හෙලපු මගේ ඔබේ හිතේ තියෙන වේදනාව.
 
ඉතින් මේ මනුස්සයා දකිද්දි අපේ ඇස් වලට කඳුලක් එන්නැතුව තියෙයිද
එදා මියගිය හැම ආත්මයක්ම අද ජෙහාන්ට ආශිර්වාද කරනවා ඇති..
මෙහෙම නළුවෙක් කවදාවත් ලංකාවෙ නම් දැකලා නෑ..
 
මට අනුව මේ දවසක ඉතිහාසෙ නම ලියවෙන්න ඕනි වීරයෙක්
බිමල්කා
(Bimalka Yehani)