කරාබු දෙකක්වත් පාවිච්චි කරන්නේ නෑ. ඇත්තටම මම කැමැති නෑ මගේ ඇඳුම ජුවෙලරිවලින් වහලා දාන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

“මම තෝරා ගන්න ඇඳුම් ෆැෂනබල් වෙන්නත් ඕනේ කම්ෆර්ටබල් වෙන්නත් ඕනේ.. ඒ කාරණා දෙක ගැන තමයි මම ෆැෂන්ස් කරද්දී අවධානය යොමු කරන්නේ..” අවිශ්කා උමයංගී කිව්වේ සැහැල්ලු හඬකින්. 2024 පැවැත්වුණු 29 වෙනි සුමති සම්මාන උෙළලේ ජනප්‍රියම නිළිය’ අංශයේ අවසන් පස් දෙනා අතරට ඇය තේරී පත්වුණා. යොවුන් පරපුරේ ජනප්‍රිය සුන්දර නිළියක් වෙන අවිශ්කා උමයංයගී එක්කයි ෆැෂන්ස් ගැන කතා බහ.  

ෆැෂන්ස්වලට තියෙන කැමැත්ත කොහොමද?

ඕනම ගෑනු ළමයෙක් ෆැෂන් කරන්න කැමැතියි නේ.. මාත් එහෙම තමයි.. මගේ ස්ටයිල් එකට ගැලපෙන වැඩිය කට්ටිය කරන්නේ නැති ෆැෂන්ස්වලට තමයි මම කැමැතියි..

මොකක්ද ඔයාගේ ස්ටයිල් එක..?

මගේ ඇඟට ගැළපෙන, මට හරියන ඕනම ඇඳුමක් මගේ ස්ටයිල් එක තමයි.

එදිනෙදා අඳින්න තෝරා ගන්න ඇඳුම්.?

මේ දවස්වල රස්නේ නිසා පුළුවන් තරම් සැහැල්ලු ඇඳුම් තමයි තෝරා ගන්නේ.. එදිනෙදා ගමන් බිමන්වලදී නම් ඩෙනිමයි ටීෂර්ට් එකයි තරම් සැහැල්ලු ඇඳුමක් නෑ. ඩෙනිම්, ටීෂර්ට්, ෂෝර්ට්ස් තමයි මගේ එදිනෙදා ඇඳුම් ගොඩේ තියෙන්නේ.

උත්සව අවස්ථාවලට තෝරා ගන්න ඇඳුම්.?

ඒක නම් උත්සවය, උත්සවය තියෙන කාලය එක්ක වෙනස් වෙනවා.. දැන් අවුරුදු ළඟ නිසාත්, ආරධනා ලැබෙන උත්සව අවුරුදුවලට සම්බන්ධ නම් අපේ සංස්කෘතිය ඉස්මතු වෙන විදියේ ඇඳුම් තමයි තෝරා ගන්නේ.. විශේෂයෙන්ම ඔසරි එහෙම අඳිනවා.
එහෙම නැත්නම් මම ගොඩක්ම සාරීස් අඳින්නත් කැමැතියි.. ඉන්දියන් ස්ටයිල් එක මට ගැ​ෙළපනවා කියලා ගොඩක් අය කියනවා.. මටත් ඒක හිතෙනවා. ඒ නිසා ඉන්දියන් ස්ටයිල් එකට සාරි ඇඳගෙන යනවා සමහර ඉවෙන්ට්ස්වලට. වෙස්ටර්න් විදියටත් අඳිනවා.. හැබැයි ගොඩක් වෙලාවට මගේ කැමැත්ත අහකට යනවා ස්පොන්සර්ස්ලා ඉන්න නිසා.. එයාලා දෙන ඇඳුම් මෝස්තර තමයි මගේ ෆැෂන් එක වෙන්නේ.

ආභරණ තෝරා ගනිද්දී අවධානය යොමු කරන්නේ මොන කාරණා ගැන ද?

ඇත්තම කියනවා නම් මම ආභරණවලට වැඩි කැමැත්තක් නෑ. පොඩ්ඩක් හරි කැමැති ඉන්දියානු මෝස්තරයේ කරාබුවලට.. ඒවා වුණත් පළඳින්නේ සමහර උත්සව අවස්ථාවන්වලට විතරයි.. ස්පොන්සර් කෙනෙක් ජුවෙලරීස් ලබා දුන්නේ නැත්නම් මම ඇඳුමට ගැළපෙන කරාබු දෙකකට වැඩි දෙයක් පාවිච්චි කරන්නේ නෑ.. සාමාන්‍ය ගමනට කරාබු දෙකක්වත් පාවිච්චි කරන්නේ නෑ. ඇත්තටම මම කැමැති නෑ මගේ ඇඳුම ජුවෙලරිවලින් වහලා දාන්න.

ජුවෙලරීස් පුරවගෙන, අඳින ඇඳුමයි, ජුවෙලරීසුයි හයිලයිට් කරනවට වැඩි මම කැමැතියි මාව හයිලයිට් කරන්න.. වුමනාවට වැඩිය ජුවෙලරීස් දැම්මම මාව නෙමෙයි පේන්නේ ජුවෙලරීස්.

පාවිච්චි කරන සපත්තු ගැන කිව්වොත්?

ගොඩක් වෙලාවට නම් පාවිච්චි කරන්නේ ඩෙක් ෂූස් හරි සැන්ඩ්ල්ස් හරි.. ඉවෙන්ට්ස්වලට යද්දී නම් හයි හීල්ස් පාවිච්චි කරනවා.. ඒත් කැමැතිම ඩෙක් ෂූස්වලට.

බෑග් පාවිච්චියේදී අවධානය යොමු කරන්නේ මොනවා ගැන ද?

මගේ සේරම බඩු එකම බෑග් එකකට දාගෙන යන්න පුළුවන් ද කියලා. මම ඇත්තටම එහෙමටම බෑග් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ඇඳුම්වල පාටට ගැළපෙන බෑග් මට නෑ.. ඕන ඇඳුමකට ගැලපෙන විදියට කලු, දුඹුරු, නියුඩ් කලර්වලින් බෑග් හතරක් පහක් තියෙනවා.. එච්චර තමයි.. බෑග් එක ඉඩකඩ තියෙන ලොකු එකක් වෙන්න ඕනේ ඉතින්.

පවනි උමයංගනා