කරුණාකර බොරු ප්රචාර නොකර ඉන්න - මාධවී හදිසියේම කළ ඉල්ලීම
ප්රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී තවමත් පසුවන්නේ රෝගාතුරව බව ඔබ දන්නවා. ඒ ඔහු මුහුණ දුන් හදිසි අනතුර හේතුවෙන්. ඔහුට සුවය පතා ඔහුගේ පවුලේ අය නොයෙකුත් කටයුතු කරන කාල පරිච්චේදයක් මේ. ඒ වගේම තමයි ඔහුට ආදරය කරන රසික හිතවතුන් පිරිසත් ජැක්සන් ඇන්තනීට සුවය පතා දහසකුත් දෑ කරමින් පවතිනවා. එහෙම කාලයක ඇහෙන මෙහෙම කතාත් නැතුවාම නෙවෙයි... මේ ගැන සටහන් තබා තිබුණේ මාධවී ඇන්තනී.
"අප්පච්චි සම්බන්ධ කිසිඳු උපකරණයක් ගැන මම කිසිවෙකුටත් කිසිවක් කියා නැත. මට කිසිවෙක් කිසිවක් කියා ද නැත. ගිලනුන් මතින් ප්රසිද්ධිය සොයන කිසියම් දුශ්ට උන්මත්තකයෙක් එසේ ලියා ඇති බව දුටිමි. කරුණාකර බොරු ප්රචාර නොකර ඉන්න."