කය වගේම මනසත් විලාසිතාවකින් සතුටු වෙනවා කියලා මම නිතර හිතනවා
මේ දිනවල විකාශනය වන ටෙලිනාට්‍ය කිහිපයකින්ම ඔබ නිතර දකින සුරූපිනියක්. දෙරණ අවුරුදු කුමාරි තරගාවලියන් ජයග්‍රහණය ලැබිමත් සමඟ ක්ෂේත්රයට පැමිණි ඇයට මෙවර ෆැෂන් පිටුව සරසන්න ආරාධනා කළා .
මේ දින වල මොනවාද කෙරෙන්නේ ?
රඟපෑම් කටයුතුවලට අමතරව බ්‍රයිඩ්ල් මොඩ්ලිනුත් කරන නිසා ටිකක් විතර කාර්යා බහුලයි.
විලාසිතා කියන විෂය ඔබ දකින්නේ කොහොමද?
මම හිතන්නේ විලාසිතා කියන්නේ වයස් භේදයක්, ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව කළ හැකි බොහොම වටිනා විෂයක්. මොහොතක් ගානේ වෙනස් වෙන ලෝකයේ ඉහළම පිළිගැනීමක් තියෙන ,ඉහළ වටිනාකමක් තියෙන විෂයයක් විදියටයි මම විලාසිතා දකින්නේ .
විලාසිතාවක් කිරීමේදී ඔබ මොන වගේ කරුණු ගැන ද සැලකිලිමත් වන්නේ ?
සිහින් සිරුරක් තියෙන උස කෙනෙක් නිසා මම විලාසිතා කිරීමේ දී ශරීර හැඩය ගැන ගොඩක් ම සැලකිලිමත් වෙනවා. ගොඩක් වෙලාවට සහභාගී වෙන තැන, විලාසිතාව කරන වෙලාව ගැනත් වගේම" ගැලපීම" ගැනත් ගොඩක් හිතන කෙනෙක් මම.
කාලෙය් තාලයට වෙනස් වෙන විලාසිතා ගැන අවදියෙන් ඉන්න කෙනෙක් ද ඔබ.?
විලාසිතාවලට කැමැතිය නිසාම නිතරම වෙනස් වන විලාසිතා ගැන බොහොම අවදියෙන් ඉන්න කෙනෙක් මම. අන්තර්ජාලයෙන් ෆේස්බුක් එකෙන් වගේම අලුත්ම ෆැෂන් සම්බන්ධව කෙරෙන රූපවාහිනී වැඩසටහන් වලිනුත් මම තොරතුරු සොයනවා.
අලුත් අලුත් වෙන විලාසිතා කරන්න කැමති කෙනෙක්ද ඔබ?
මෙහෙමයි මම ආසම, මට ගැළපෙන ම විලාසිතාවක් නම් මම අනිවාර්යෙන්ම කරනවා .එහෙම නැතුව කවදාවත් මොනතරම් අලුත් දෙයක් උනත් ලස්සන වුණත් මගේ පෞරුෂයට හානි වෙනවා නම් එවැනි විලාසිතා මම කවදාවත් තෝරා ගන්නේ නැහැ.
ඔබට වඩාත්ම ගැලපෙන විලාසිතාව කුමක්ද ?
ගවුම් විලාසිතාවක් ලෙස තෝරාගන්නා හැම වෙලාවකම ඉහළ ප්‍රතිචාරයක් ලබනවා....ඇත්තටම මට හිතෙනවා මට ගවුම ගොඩක්ම ලස්සනයි කියලා....සාරිය ටත් මම හැඩයි .
විලාසිතාවක් කිරීමේ දී තෝරා ගන්න කැමතිම පාට?
මම කැමතිම පාට තමයි රතු ,කළු ,නිල් සහ කහ පාට. හැමෝම මට කියනවා කහ පාට ඇඳුම් ඇන්දාම ගොඩක් ලස්සනයි කියලා.නමුත් බ්‍රයිඩ්ල් ෂෝ වලට ,ෆොටෝ ශුට් වලට ,රගපැම් කටයුතු වලට නම් ඕනෑම පාටක් මම අඳිනවා .
ඔබ කරන විලාසිතාවට වටිනාකමක් එක් කරන්න උත්සාහ කරන්නේ කොහොමද ?
මම හරිම ආසයි ගැලපෙන විදිහට චාම් විදියට අඳින්න. මෙකප් නම් නිතර කරන්න මම කොහෙත්ම කැමැති නැහැ. ජුවලරි දාන්නෙත් හරිම අඩුවෙන්. මුදු පලඳින්න, ඔරලෝසු පලදින්න තමයි ආසම. අඳින ඇඳුමේ පාටට සපත්තු හෑන්ඩ් බෑග් ගළපන වෙලාවලුත් තියෙනවා .
කරන විලාසිතා අනුව කෙනෙකු මනින්න පුලුවන්ද?
ආශ්‍රය කරලත් කෙනෙක් ව මනින්න බැරි වටපිටාවක ඇඳුම් පැළඳුම් වලින් නම් කෙනෙකු කොහෙත්ම මනින්න බැරි බවයි මගේ අදහස. නමුත් කෙනෙක් වැඩිපුරම අඳින පළඳින විදිය අනුව ඒ ඒ අයගේ පෞරුෂය ගැන නම් යම්තාක් දුරකට මනින්න පුලුවන් කියන එක මම හිතනවා.
පුංචි කාලෙදි විලාසිතා කළ විදිහ මතකෙය තියෙන්නෙ කොහොමද ?
පුංචි කාලේ ඉඳලම මම හරිම ලස්සනට ඇඳපු කෙනෙක්. අදත් එහෙමයි. ඇත්තම කියනවා නම් එදත් අදත් මගේ ෆැෂන් ඩිසයිනර් වුණේ මගේ අම්මා.
විලාසිතා කිරීමේදී ඔබ යම් කෙනෙක් අනුකරණය කරනවාද?
කොහෙත්ම නැහැ. කවුරුත් කරන විලාසිතාවක් මට ඒ විදියටම ගැලපෙන්නෙ නැති නිසා මම ආසම විලාසිතා මට ඕනෙම විදිහට අම්මට කියලා සකසා ගන්නවා .නමුත් කිසිම කෙනෙක්ව ඒ විදිහටම මම කවදාවත් අනුකරණය කරන්නේ නැහැ විලාසිතා කිරීමේදී.
ඔබ කරන විලාසිතා අන් අය අනුගමනය කරනවාද?
ඔව් සමහර වෙලාවට. මම සාමාන්‍ය ගමනට අඳින ඇඳුම් පැලඳුම් වගේම, ටෙලි නාට්‍ය රූගත කිරීම්වලදී අඳින මනාලියන් නිරූපිකාවන් ලෙස අඳින සාරි ,ඔසරි ,ගවුම් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. මම කොන්ඩෙ පිරන විදිහටත් බොහෝ යුවතියන් කැමතියි ඇත්තටම මාව අනුකරණය කරනවා කියලා ඔවුන් පින්තූර අරන් එවන වෙලාවල් බොහොමයක් තියෙනවා. ඒ ගැන අහන කොට බලන කොට මට ගොඩක් සතුටුයි.
ජීවිතේ ලස්සනටම සැරසුණු දවස?
මගේ විවාහ උත්සවයේ දී මම සැරසුණු විදිහ කවදාවත් අමතක නොවන ආදරණීය මතකයක්.එදා තරම් කවදාවත් මම ලස්සනට සැරසිලා නැහැ කියලයි මටනම් හිතෙන්නේ .
විලාසිතා කරන්න වයසක් තියෙනවාද ?
වයසට ගැළපෙන විදියට විලාසිතා කරන්න ඕනේ. ඒ හැරෙන්න වයස කියන්නේ ඉලක්කමක් විතරයි .ඒ නිසා ඕනෑම වයසක දි විලාසිතාවක් කරන්න බාධාවක් නැහැ කියලයි මගේ නම් අදහස.
ගැලපෙන විදියට විලාසිතාවක් කලහම මොන වගේ සතුටක් ද හිතට දැනෙන්නේ ?
වචනයෙන් කියන්න බැරි ලොකු සතුටක් දැනෙනවා. ඒ වගේම කරන විලාසිතාව නිසා අන් අය ඉදිරියේ කැපී පේන කොට තවත් ලොකු සතුටක් දැනෙනවා. ඒ නිසාම කය වගේම මනසත් විලාසිතාවකින් සතුටු වෙනවා කියලා මම නිතර හිතනවා.
ඔබ කරන විලාසිතා වලින් ඔබට යම් වටිනාකමක් ලැබෙනවා කියලා ඔබ හිතනවාද ?
ඒක කාසියක දෙපැත්ත වගේ. විලාසිතාව නිසා මටත් වටිනාකමක් එක් වෙනවා වගේම මම නිසා විලාසිතාවටත් වටිනාකමක් එක් වෙනවා කියලා මම හිතනවා.
අසුන්තා එදිරිසූරිය