කමල් අයියාත් එක්ක රඟපාන්න මම ගොඩක් ආසයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයකින්ම දුටු අරුණි මෙන්ඩිස් මේ වනවිටද ටෙලි නිර්මාණ කිහිපයකින්ම දකින යොවුන් රංගන ශිල්පිණියකි. නිතර කලා තෙරතුරු හා පෞද්ගලික තොරතුරු අප විමසන නිසාම අපි ඇයට වෙනස්ම විදිහේ ප්‍රශ්න කිහිපයක් මෙසේ යොමු කළා. මේ අරුණි ඊට දැක්වූ ප්‍රතිචාර.

අරුණි කියන්නේ මොන වගේ කෙනෙක්ද?

පාඩුවේ නිදහසේ ඉන්න කැමති කෙනෙක්. ඒ වගේම ප්‍රශ්න වැඩිය ඔලුවට ගන්නේ නැති කාලා බිලා හොඳට විනෝද වෙන කෙනෙක්. ඒ වගේම කාගෙන්වත් කරදරයක් නැතුව කාටවත් කරදරයක් නැතුව තමන්ගේ දෙපයින් නැගිටලා ජිවතේ ගොඩයන්න උත්සාහ දරණ කෙනෙක් තමයි මම.

රංගනයට අමතරව ඔබ දක්ෂ තව මොනවටද?

නිවේදිකාවක් විදිහට මම වසර දහයකට වැඩි කාලයක් තිස්සේ දැන් වැඩ කරනවා. ඒක මගේ අමතර දක්ෂතාවයක්. නිවේදනයයි රංගනයන් පැත්තකින් තිබබොත් මම නර්තනයට ගොඩක් දක්ෂයි. පාසල් යන කාලේ මම නර්තනය විෂයක් විදිහටත් හදාරලත් තියෙනවා.

කැමතිම ක්‍රීඩකයා කවූද?

තෙරේන කාලේ ඉදලා ක්‍රිකට් තරග නරඹන්න ගොඩක් කැමතියි. ඒ නිසා මම කැමති ක්‍රීඩකයා වෙන්නෙත් ක්‍රීකට් ක්‍රීඩකයෙක්. ඒ කාලේ ඉඳලා මගේ කැමතිම ක්‍රීඩකයා වුණේ මහේල ජයවර්ධන. දැන් නම් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගෙන තියෙන්නේ. මහේලට මම කැමති වෙන්න හේතුව ඔහුගේ පිතිකරණ විලාසය. ඒ වගේම ඔහු දක්ෂතා අතිනුත් ඉතා හොඳ ක්‍රීඩකයෙක්.

අහන්න කැමතිම ගීතය මොකක්ද?

වැඩිපුර මම ගීත අහන කෙනෙක්. ඒ නිසා එකපාරටම කැමතිම ගීතයක් කියලා මට කියන්න අමාරුයි. පොඩි කාලේ ඉඳලාම මම ආස කරන ගීතයක් තියෙනවා වික්ටර් රත්නායක මහත්මයා සංගීතවත් කරලා ගායනා කරපු ඔබේ දෙතොල් පෙති ලිහි සැලෙන හැසරැල් විලේ.. කියන ගීතය. ප්‍රේමකිර්ති ද  අල්විස් මහත්මයා තමයි මේ ගීතය ලිව්වේ. අදටත් කොපමණ ගීත ඇහුවාත් මගේ මුවගේ තියෙන්නේ මේ ගීතය.

නරඹපු හොඳම චිත්‍රපටය මතකද?

චිත්‍රපටත් මම ටිකක් වැඩිපුර නරඹන කෙනෙක්. ඒ නිසා කැමති චිත්‍රපටත් කිහිපයක්ම මට තියෙනවා. ඒ අතරින් නරඹපු හොඳම චිත්‍රපටය විදිහට මම තෝරන්නේ shawshank redemption චිත්‍රපටය. මේක ටිකක් පරණ චිත්‍රපටයක්. ඒ වගේම Mr. and Mrs. Iyer චිත්‍රපටයත් මම ගොඩක් කැමතියි කවුරු හරි නරඹපු නැති කෙනෙක් ඉන්නවා මේ චිත්‍රපට දෙක හොයාගෙන හරි බලන්න. ඒක ඒ තරමට බලන්න ලස්සන චිත්‍රපට දෙකෙක්.

ජිවිතේ දුක හිතුණ අවස්ථා නැද්ද?

ඕනා තරම් තියෙනවා. හැබැයි මම ඒවා මතක තියාගෙන ඉස්සරහට අරගෙන යන කෙනෙක් නෙමෙයි. එහෙම සිදුවිමක් වෙලා අමතකම කරලා දානවා කියන අදහස නෙමෙයි මම කියන්නේ. ගොඩක්ම දුක හිතෙන අවස්ථා වෙලා තියෙන්නේ ළඟින්ම හිටපු මිතුරියන්ගෙන්. ඉතින් ඒ දේවල් මම ගොඩක් වෙලාවට අමතක කරලා දානවා. හැබැයි මම කාත් එක්කවත් තරහා වෙන කෙනෙක් නෙමෙයි. කොච්චර මට වැරදි කළත් ඒ අයත් එක්ක බොහෝම හිතවත් විදිහට ඇසුරු කරනවා. අඩුම තරමේ අවංකම මම ඔවුන් එක්ක හිනා හරි වෙනවා.

සත්තුන්ට ආදරේයිද?

සත්තුන්ට ගොඩක් ආසයි මම. හැබැයි අපි හිටිය පරිසරය අනුව සතෙක් හදාගන්න තරම් අපිට ඉඩ පහසුකම් තිබුණේ නැහැ. කොටින්ම ගෙදර අය කැමතිත් නැහැ සත්තු හිර කරලා හදාගන්නවාට. ඒ අදහස මටත් තියෙනවා. අදටත් මම කැමති නැහැ සත්තු හිර කරගෙන හදන අයට. සත්තු කියන්නේ අපි වගේම නිදහසේ ජිවත් වෙන්න කැමති පිරිසක්.

රඟපාන්න ආසම නළුවෙක් ඉන්නවාද?

රඟපාන්න ආසම නළුවා කවුද කියලා ඇහුවොත් මට මුලින්ම මතක් වෙන්නේ කමල් අද්දරආරච්චි මහත්මයාව. ඔහුයි මාව මෙතෙක් කිසිම නිර්මාණයකින් මුණ ගැහිලා නැහැ. ඒ හින්දා මම ගොඩක් කැමතියි ඔහුත් එක්ක එකට රඟපාන්න. තව අමරසිරි කලංසූරිය මහත්මය එක්කත් මම රඟපාන්න ආසයි.

අරුණිට හිතන විදිහට ඔබගේ සිරුරේ ලස්සනම කොටස මොකක්ද?

මට කියන්න බැහැ මගේ ඇගේ මොකක්ද ලස්සන කියලා. අනිත් අය කියන දේ තමයි ඉතින් මට මගේ ඇගේ ලස්සනයි කියල හිතෙන්නේ. ගොඩක් අය කියන්නේ මගේ හිනාව ලස්සනයි කියලා. තවත් අය කියනවා මගේ ඇස් දෙක ලස්සනයි කියලා. ඉතින් මට හිතෙනවා ඒ අවයව දෙක තමයි මගේ ඇගේ ලස්සනම කොටස් කියලා.

බුද්ධික සේනාධිර