කෑම නම් ඇත්තටම මට පාලනයක් නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දිනවල විකාශය වෙන ධනුෂ්ක රත්නායකගේ මන්දාරම් කතාවේ ඔබ දකින යොවුන් රංගන ශිල්පිණියක් මෙවර අපේ කතාබහට එක් වුණා. ඇය නමින් සුහන්දි උපෙත්මාය.

කලාවට එකතු නොවුණා නම් සුහන්දි කවුරු වේවිද?

බොහෝවිට මම නර්තන ගුරුවරියක් වේවි. මොකද, පොඩි කාලේ ඉඳලා මම ආස දෙයක් තමයි නර්තනය කියන්නේ. පාසල් යන කාලේ පවා මම නර්තනය විෂයක් විදිහට හැදෑරුවා. ඉතින් රංගනය පැත්තට සම්බන්ධ වුණේ නැත්නම් මම අනිවාර්යයෙන්ම නර්තනය පැත්තෙන් ලොකු ගමනක් යාවි කියලා හිතනවා.

සුහන්දිට තියෙන්නේ අහිංසක පෙනුමක් නේද?

ඔව් හැමෝම වගේ කියනවා. ඒත්, ඉතින් මගේ පවුලේ අය නම් නැහැ එහෙම කියන්නේ නැහැ. මොකද,  පොඩ්ඩක් ඇත්නම් කේන්ති යනවා කියලා ඒ අය දන්නවා. හැබැයි ඉතින් ලොකු වෙලාවකට නම් නෙමෙයි ඒක. දඟකාර නපුරු ගති පැවතුම් නම් මට නැහැ. බොහෝම නිහඬ නිවිච්ච කෙනෙක් මම. හැබැයි අවශ්‍ය තැනදි ඉතින් මම කතා කරනවා.

ඔබ වැඩිපුර ලස්සන මොන වගේ ඇඳුම් වලටද?

ඔව්, අපි හැමෝම කැමතියි නේ ඉතින් ලස්සනට අඳින්න පළඳින්න. හැබැයි මම ගොඩක්ම මගේ ඇඟ පේන ඇඳුම් අඳින්නේ නැහැ. මට ගොඩක් ලස්සනයි මගේ ඇඟ වැහිලා තියෙන ඇඳුම්වලට. ඇත්තටම මම විලාසිතාවක් තෝරගනිද්දි පවා මුලින්ම බලන්නේ ඒක මට ගැළපෙනවාද කියන දේ. ඉතින් ඇඳුමක් අදිද්දි පවා දෙතුන් පාරක් ඒ ගැන හිතනවා මේක මට ගැළපෙනවද නැද්ද කියලා.

චිත්‍රපට ටෙලිනාට්‍යය එහෙම බලනවද?

ගොඩක් බලනවා. ඇත්තටම අපේ වෘත්තිය ට පවා ඒ බලන ටෙලි නාට්‍යය, චිත්‍රපටවලින් යම් යම් දේ ගන්න පුළුවන්නේ. අන්තිමට මම බලපු චිත්‍රපටය තමයි කතුරු මිතුරු. ඒක කාලයකට පස්සේ මම හොඳට හිනා වෙලා බලපු චිත්‍රපටයක් කිව්වොත් හරි. ලංකාවේ චිත්‍රපට වගේම විදෙස් චිත්‍රපට ටෙලි නාට්‍යය එහෙමත් මම නිතරම වගේ බලනවා. මගේ මතකයේ රැඳුණ චිත්‍රපටය තමයි ආශික්‍යු චිත්‍රපටය. මට හිතාගන්න බැහැ මම ඒ චිත්‍රපටයට එච්චර කැමති වුණේ ඇයි කියලා. හරිම ලස්සන ආදර කතාවක්ෙ .මයි ආෂික්‍යු.

මේ දවස්වල ඔබ නිතරම කියන ගීතය මොකක්ද?

අභිෂේකා වීමලවීරගේ දන්නවද ආදරේ නීතිය.. කියන ගීතය. ඒ ගීතයට මම මෙච්චර කැමති වෙන්න හේතුව ඒ ගීතය නිර්මාණය වෙලා තියෙන අපුරූ පද පේලී ටික නිසා. ඇත්තටම හදවතට දැනෙන පද ටිකක් ඒ ගීතය ඇතුලේ තියෙනවා. දන්නවද ආදරේ නීතිය.. අභිෂේකාට අමතරව මිහිඳුත් කියනවා. මම ඒ හඬවල් දෙකෙන්ම මේ ගීතය අහලා රසවිඳලා තියෙනවා.

ලස්සනට හැඩට ඉන්න සුහන්දි මොනවද කරන්නේ?

කෑම පාලනයක් නම් ඇත්තේම නැහැ මට. නිතරම වගේ මොනවා හරි දෙයක් කනවා. කායවර්ධන ව්‍යායාම්වත් මම කරන්නේ නැහැ. හැබැයි හිතාගෙන ඉන්නවා කායවර්ධන ව්‍යායාම්වලට ළඟදි සම්බන්ධ වෙන්න. කාලයක් මම එක දිගට නර්තනයට සම්බන්ධ වෙලා හිටියා. ඒ හින්දා මගේ ඇඟ පාලනය වෙලා තියෙනවා කියලා මම හිතනවා. නමුත්, දැන් ඒ ගතිය නැහැ. ඒ හින්දා කෑම පාලනයටත්, ව්‍යායාම්වලටත් යොමු වෙන්න ඉදිරියේදී මම සැළසුම් කරමින් ඉන්නවා.

සුහන්දිට රසට උයන්න පුළුවන්ද?

ඔව් පුළුවන්. රසටම හදන්න පුළුවන් චිකන් කරි එක තමයි. ගෙදරට චිකන් ගෙනාවම ඉතින් මට තමයි හදන්න කියන්නේ. කාලයක් එක දිගට අලුත් කෑම නම් අත්හදා බැලුවා. ඒත්, කිහිප වතාවක්ම වැරදුණා. ඒ හින්දා අලුත් කෑම හදන්න දැන් ලොකු උනන්ඳුවක් නැහැ මට. ගොඩක් වෙලාවට අම්මා උයන කොට උදව් කරන එක තමයි කරන්නේ.

බුද්ධික සේනාධීර / ඡායාරූප සජිව ලක්ෂාන්