කඳුළු පාස්කුවේ අඳුරු මතක අවදි කරන උමාලි
පුංචි තිරයේ වගේම රිදී තිරයේත් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි උමාලි තිලකරත්න කියන්නේ, තමන්ට ලැබෙන ඕනෑම චරිතයක් ගොඩක් සාර්ථක විදියට ඉදිරිපත්කරන්න පුළුවන් අපූරු හැකියාවක් උමාලිට තියෙනවා. පසුගිය කාලයේ නිහඬව හිටපු උමාලි මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාෂනයවන ‘පිතෘ’ ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා තියෙනවා.
කඳුළු පාස්කුව අනුස්මරණය කෙරෙන සටහන් සහ ඡායාරූප රැසක් අපේ ඇස ගැටුණා. මේ උමාලි ඒ ගැන තබා තිබූ සටහනක්.
"අමතක නෑ මේ ප්‍රහාර.
පල්ලි ,හෝටල් විතරක් නෙමෙයි පන්සලත් ඉලක්ක කර හිටියා නේද?
තුවාල වුනේ මුලු ලංකාවම.
ආගම් ජාති උස් පහත් බේද නැතුව අපිට නැතිවුනේ අපේම ජනතාව , විදේශීයන්ද ඇතුලුව.
ජාතික විශ්වාසය බිඳුනෙ හොඳ ගානට.
ඇයි අදටත් යුක්තිය ඉටු කර නැත්තෙ මේ ත්‍රස්ථ ක්‍රියාවට??
බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා - නැවත ත්‍රස්ථ බිය පැතිර නොයත්වා !
අසාධාරණය වන්දි ගෙවත්වා - අකල් මරණ මගෙ දෙරණෙ නොවේවා! "