කැන්ගරු දේශයේදී ශ්‍රීනාත් මද්දුමගේ-ගේ ගෙදර ගිනිබත් වුණු ඇත්තම හේතුව එළියට
ජනප්‍රිය ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියෙකු වන ශ්‍රීනාත් මද්දුමගේ පදිංචිව සිටින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර එපින් ප්‍රදේශයේ පිහිටි නිවස පසුගිය දිනෙක (31) ගිනිගෙන විනාශ වී තිබුණා. මෙම අනතුර සිදුවන විට ශ්‍රිනාත් සහ බිරිඳ රැකියාවට ගොස් සිට ඇති අතර, දියණිය අමතර පන්තියට ගොස් ඇති බවයි එරට ආරංචි මාර්ග සඳහන් කළේ. මෙදිනවල එරට පවතින දැඩි ශීත දේශගුණය නිසා නිවසේ උණුසුම් යන්ත්‍රය ක්‍රියාත්මකව පවතින අතර එය පුපුරා යාමෙන් ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මෙම අනතුර සම්බන්ධයෙන් මෙල්බර්න් පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. මේ අතර, ශ්‍රීනාත්ගේ නිවස ගිනිබත් වීම සම්බන්ධයෙන් කලා ක්ෂේත්රයේ පිරිස් කණගාටුව පළ කර තිබූ අතර, දිලිනි ලක්මාලි පළ කර තිබූ සටහන පහතින්..
අපේ ශීනාත් අයියගේ ගෙදර ගිනි අරගෙන..දවසක් හරි ඔය ගෙදර ඉදපු කෙනෙක් විදිහට මං මගේ ඇස් දෙකට දැක්කා ශ්‍රී ලංකාවේ දක්ෂ කලාකරුවෙක් විදිහට ශීනාත් අයියා කලාවෙන් ලැබු උපහාර,සම්මාන සියලුම දේවල්..පොත් පත් ,චිත්‍රපට වලින් පිරිලා තිබ්බ ශීනාත් අයියගේ පුස්තකාලය..දැන් ඒ හැමදේම විනාශ වෙලා ඉවරයි... ආයේ නැගිටිමු ශීනාත් අයියේ ඔයාට පුලුවන් ආදරණිය පවුලක් අක්කා,දුව..ඒ වගේම ඔහේ ඔයා වටා ඉන්න ආදරණිය ශ්‍රී ලාංකීය ජනතාව වගේම මෙහෙ ඉන්න ඔයාගේ ආදරණිය රසිකයන් සියලු දෙනාගේ පැතුම " ඔය අළු ගොඩෙන්ම ආයේ නැගිටිමු අයියේ " කියන ආදරණිය ප්‍රාර්ථනාව... ( ඇස්වලට කඳුලක් ගෙනාව මේ ජායාරූපය මගේ හදවත තත්පයකට නතර කලා Srinath Maddumage (මීට දවස් 2 කට කලින් ලිව්ව ඒ වචන ටික මං අද post එකක් විදිහට දානවා)