කණා මුට්ටියට ගහපු පොල්ල ඇවිල්ලා මගේ අතේ වැදුණා - රුක්ෂානා දිසානායක
එක පාරක් සියත රූපවාහිනි නාළිකාව විසින් සංවිධානය කළ කලා තරු අවුරුදු උත්සවකදී තමා මේ සිදුවීම වුණේ. කණා මුට්ටි බිඳින තරගය බලාගෙන ඉන්න කොට ඒ ගහපු කෙනාගේ පොල්ල ඇවිල්ලා මගේ අතේ වැදුණා. අම්මෝ අනූනවයෙන් මම බේරුණේ එදා. හැබැයි ඉතින් අත නම් උලුක්කු වෙලා තිබුණා. සතියක් විතර ප්රතිකාර කරලා තමයි ආයෙත් යථා තත්ත්වයට අත හොඳ කරගත්තේ. හැබැයි ඒ සිදුවීම ගැන අදටත් මට හිතන කොට ලොකු බයක් හිතට දැනෙනවා. ඒ කෙනා කණා මුට්ටියට ගහපු පාර ඒ තරම් වේගවත්. ආයේ නම් කණා මුට්ටි ගහන පළාතක මම ඉන්නේ නැහැ කියලා හිතාගත්තා.