කාටවත් කාගෙවත් පෞද්ගලිකත්වය වැඩක් නෑ මං ඒකට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා
ගයාත්‍රී ඩයස් කියලා කියන්නේ මේ දවස් වල සමාජය තුළ වැඩිපුරම කතා බහට ලක්වන චරිතයක්. කලා ක්ෂේත්රය තුළ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම රූපලාවණ්‍ය ශිල්පිනියක් වන ඇය පසුගිය කාල වකවානුවේ දී සිය මවගේ වියෝවත් සමග ලංකාව හැර ගොස් කැනඩාවේ පදිංචියට ගියා. ටෙලිනාට්‍ය කීපයකත් වැඩ කටයුතු කරමින් සිටියදී තමයි ඇය මෙලෙස සියල්ල හැර දමා විදෙස් ගත වුණේ. ඇය විවාහ වන්නේ අප කවුරුත් දන්නා ආදරණීය රංගන ශිල්පියෙකු සහ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන චන්න පෙරේරා සමඟයි. ඔවුන් දෙපළට ආදරණීය දියණියන් දෙදෙනෙක් සිටින අතරම ඔවුන් අතර ඇති වූ යම් යම් මත භේදාත්මක ගැටළු හේතුවෙන් එම විවාහයට තිත තබන්නට ඔවුන් දෙදෙනා පියවර ගත්තා. මේ වන විට චන්න පෙරේරා තනිකඩ ජීවිතයක් තමයි ගත කරන්නේ. කොහොම නමුත් විදෙස්ගත වූ ගයත්‍රි මේ දවස් වල නම් ඇය නැවතත් ලංකාවට ඇවිල්ල කියල තමයි අපිට ආරංචි වෙන්නේ. ඒත් සමගම එක්තරා සිදුවීමක් නිසා ඇය මේ දිනවල දී කළකිරීමෙනුයි පසුවන්නේ. ඉතින් ඒ ගැන සහ ඇයගේ නවතම තොරතුරු පිළිබඳව ඇය එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී පවසා සිටියේ මෙවැන්නක්.
මේ දවස් ටිකේ ෂූටින්. පාර දිගේ පුෂ්පා නෝනාගේ චරිතයෙ ඔවුන් මට කතා කළා ඉතුරු දේවල් ටික කරන්න. ඒකට තවම මම දින දුන්නේ නැහැ. ඇත්තටම මේ දවස් ටිකේ පොඩි සිදුවීමක් නිසා ටිකක් අවුලෙන් ඉන්නේ.
මම කොහේ හරි ගිහිල්ලා පින්තූරයක් අරගෙන මගේ ඉන්ස්ටර්ග්‍රෑම් එකේ දාන්නේ ඒක මගේ පෞද්ගලිකත්වය හින්දා. ඒවා අරගෙන එක එක කතා හදාගෙන පින්තූරත් හොයාගෙන යූටියුබ් එක නැති කරනවා. මෙහෙම වුණාහම එතැනින් එහාට ඒ මිනිස්සුන්ගේ පවුල් ජීවිතවලට මොනවද වෙන්නේ කියලා හිතන්නේ නැහැ. ඊයේ පෙරේදා බොහොම කලකිරීමකට ලක්වුණා.
පසුගිය දවසක මගේ බොහොම හිතවත් අයියා කෙනෙක් නැති වුණා. මම එයා ගැන පෝස්ට් එකක් දාපු එක අල්ලලා ඊයේ පෙරේදා දාලා මම කසාද බඳින්න හිටපු කෙනා එයා කැනඩා යන්න හිටියා. එයා තමයි ඔය නැතිවෙලා තියෙන්නේ කියලා. එතකොට ඒ ගෙදර මිනිස්සුන්ට මොකක්ද වෙන්නේ කියලා බලන්න එහෙම වුණාහම. ඒක හරි නරකයි. මම ඒකට විරුද්ධව මොනවා හරි කරනවා. මනුස්සයකුගේ ජීවිතයක් නැතිවෙලා තියෙන වෙලාවක ඒ වගේ දෙයක් කළහම ඔවුන්ගේ ජීවිතවලට තවත් දුකක් නේ ඇති වෙන්නේ. ඇයි මෙහෙම මිනිස්සුන්ට ගහලා ඒවායෙන් කන්න බොන්න හදන්නේ. මම ආසා නැහැ ඒ වැඬේට. යූටියුබ් හරි විදිහට කරනවා නම් හරිම ලස්සන වැඩක් මිනිස්සුන් ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන යූටියුබ්වලින් වැඩක් නැහැ.
ඇත්තටම ඒකට විරුද්ධව පැමිණිල්ලක් දානවා. වෙන හේතුවක් නිසා නෙමෙයි කාගෙවත් පෞද්ගලිකත්වය කාටවත් වැඩක් නැහැ. අනිත් එක තමයි එහෙම බොරු දේවල් හදන්න හොඳ නැහැ. මට කා එක්කවත් පින්තූරක් අරගෙන දාන්න බැහැ. ඒ කවුරු වුණත් ඔහුව මම බඳින්න යනවා කියයි. එහෙම කියන්න ඔවුන්ට අයිතියක් නැහැ මේව කරන මිනිස්සු තමන් ගේ අක්කට නංගිට එහෙම වුණාම මොනවද වෙන්නේ කියලා බැලූව නම් එහෙම දේවල් කරන්නේ නැහැ. ෂෝෂල් මීඩියා පාවිච්චි කරන්න බැහැ. තමන් ගේ මාර්කටින්වලට, තමන් ගේ හොඳ දේවල්වලට, කාටවත් ප්‍රශ්න ඇති කරන්න නෙවෙයි. අනිත් එක අපි කාගෙවත් කවුරුවත් නෙමෙයිනේ. එහෙම කරන්න එක්කෝ මේවාට යම් පියවරක් ගත යුතුයි මොකද කාගෙවත් ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ නැතිව ඉන්න. මට නම් ඇත්තටම හරිම තරහයි මගේ දේවල් වෙන කවුරුහරි තව කෙනකුට කියන එකට. ඒක අනවශ්‍ය දෙයක්. මට ඕනෑනම් මගේ යූටියුබ් එකකින් මට කියන්න පුළුවන්. මගේ දේවල් මොකටද අනෙක් අයට කියන්නේ. ඒක වැඩක්ම නැති දෙයක්.
මම කවදාවත් කිසි දෙයකට පසුතැවිලි වෙන්නේ නැහැ. කාලයක් තිස්සේ මම ගොඩක් වැඩ කළා. අවුරුදු 16 ඉඳලනේ රඟපාන්නේ. ඇත්තම කියනවා නම් මට ඉදිරියේදී ලොකුවට රඟපාන්න ආසාවක් නැහැ. මගේ අනෙකුත් වැඩකටයුතුවලට වගේම දරුවන්ගේ වැඩවලට කාලය යොදවන්න ඕනෑ කියලා මට හිතුණා. දැන් පොඞ්ඩක් පැත්තකට වෙලා ඉන්න තමයි කැමති. ලංකාව දාලම යන්න බැහැනේ. මේ තියෙන මතකත් එක්ක. නමුත් යම් යම් දේවල් මත යන්න අවශ්‍ය දේ සහ කරන්න අවශ්‍ය දේ මේ වෙලාවේ කරනවා. මට දැනට කියන්න තියෙන්නේ අද දවස ගැන විතරයි. හෙට දවස මොනවා වෙනවද කියන්න මම හරියටම කියන්න දන්නේ නැහැ. දැනට රටවල් දෙකේම ඉඳිවී.”
මේ විදිහට තමයි එහිදී ඇය කියලා තිබුණේ. ඉතින් කවුරුත් ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනියක් වගේම රූපලාවන්‍ය ශිල්පිනියක් වන ඇයගේ සියලුම වැඩ කටයුතු සහ ඉදිරි අනාගත බලාපොරොත්තු සියල්ලක්ම ඇය සිතන පතන අයුරින් සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.