කාංචනාට තියෙන හඬටත් මිනිස්සු වශී වෙනවා, ඊටත් වඩා එයාගේ හිනාවටයි, ඒ ඇස්වලටයි
කාන්චනා අනුරාධිගේ ගීතයන්ටත් ඒ හඬටත් ආදරේ කරන තරුණ තරුණියෝ නම් බොහෝමයි. ඒ වගේම තමයි ඇය සහභාගීවන ප්රසංගවලදී ඇයට ලැබෙන ප්රතිචාර වගේම ඇයට මල් පොකුරක් හරි දීලා එයාට ආදරේ ප්රකාශ කරන්න එන තරුනයො හරි කැමතියි.
පසුගියදා නාදගම ප්රසංගයට ආපු බොහෝ දෙනෙකුගෙන් ඇයට හිමිවෙලා තියෙන ආදරය දැක්කහම මේ බව මනාවට ඔප්පු වෙනවා. මෙහෙම ආදරයක් රසික රසිකාවියන්ගෙන් ලැබෙන්නෙ ඇයගේ තියෙන නිහතමානීකම නිසා කියලයි ඇයට ආදරේ කරන ගොඩ දෙනෙක් කියන්නේ.
"කාංචනාට තියෙන හඬටත් මිනිස්සු වශී වෙනවා,ඊටත් වඩා එයාගේ හිනාවටයි,ඒ ඇස්වලටයි තමයි මම වශී වුනේ" මේ විදිහේ කතාවක් ඇසුනේ හිරු මෙගා බ්ලාස්ට් කුරුනෑගල ප්රසංගයේදී.
ඉතින් හිතන්නකො මේ සුන්දර ගායිකාවට මොන තරම් ආදරයක්ද ලංකාවේ නන් දෙසින් ලැබිලා තියෙන්නේ කියලා.