ඕක බඳින්න වෙන්නෙ නෑ කියලා දාපු කමෙන්ට් එකට, ගයාන් ගුණවර්ධන, කටඋත්තර නැතිවෙන්නම කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

"හුස්මක් තරමට" ටෙලි නිර්මාණය තුළින් ප්‍රේක්ෂක ඔබ වෙතට සමීප වුණු ගයාන් ගුණවර්ධන අනතුරුව "අහස් මාළිඟා" වැනි නිර්මාණ තුළත් දකින්නට ලැබුණා. ගයාන් ගුණවර්ධන, ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධනගේ පුතණුවන් ද වනවා. ගායකයෙක්ටත් වඩා දැන් රංගන ශිල්පියෙක් විදිහට අප්‍රමාණ ආදරයක් ලබන ගයාන්, ඔහුගේ නිහතමානීකම නිසාම ප්‍රේක්ෂකයින් අතර කතාබහට ලක්වන කෙනෙක්. ඔහු ක්ෂේත්‍රයේ සමීපව ඇසුරු කරන්නේ පූජනි භාග්‍යාව යි.

"අපි හොඳම යාලුවෝ විතරයි" කිව්වා වුණත් මේ දෙන්නගේ සම්බන්ධය ගැන දැනටම ප්‍රේක්ෂකයින්ට සැක සංකා පහළ වෙලයි තියෙන්නෙ. ඒ උණුසුුමේම පසුගිය දවසක ගයාන් ඔහුගේ මුහුණු පොතට පූජනි සමඟ ඉන්න ඡායාරූප පෙළක් එක් කර තිබුණා. මේ ඡායාරූප කිහිපය ඔහු පළ කර තිබුණේ, "ෂූට් එකක් විතරයි" කියල යි.

කොහොම වුණත් විවිධ අය විවිධ අදහස් දක්වලා තිබුණා. ඇතැම් අය කියා තිබුණේ, "ෂූට් එකක් නොවී ඒ දේ ඉක්මණින් සැබෑ වෙන්න ඕනි" කියලයි. ඔය අතරේ මේ දේ විවේචනය කරපු අයත් හිටියා. ඒ අයට නම් ගයාන් බොහෝම සැහැල්ලුවෙන් පිළිතුරු දීලා තිබුණා.