ඔයා නීතියෙන් මගේ වෙලා අදට අවුරුදු 13ක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දිනේෂ් තරංග කියන්නේ කොයි කවුරුත් ආදරය කරන ආදරණීය ගායන තරුවක්. ඉඳහිටක වුණත් නිර්මාණය කරලා එයාගේ රසිකයින්ට දෙන ගීත මොන තරම් නම් ආදරයෙන් වැළඳගන්නවද කියලා ලැබෙන ප්‍රතිචාර වලින් ඔයාලට තේරෙනවා ඇතිනේ. ඒ වගේම තමයි දිනේෂ් එයාගේ බි‍රිඳටත් දක්වන්නේ ඉතාමත් විශාල ආදරයක්. ඉතින් මේ දෙදෙනා එකතු වෙලා ඔන්න අලුත්ම අලුත් ෆොටෝශූට් එකක් කරලා. මොකද ඒ දෙන්නට අද දවස විශේෂ දවසක්. ඒ තමයි දෙන්නම විවාහ වෙලා අදට වසර 13ක් ලු.

ඉතින් ඒ ආදරය වෙනුවෙන් තමයි මේ ශූට් එක කරලා තියෙන්නේ. බලන්නකො ඒ දෙන්නගේ ලස්සන. ඉතින් දිනේෂ් මෙන්න මේ වගේ සටහනකුත් එයාලගෙ ආදරය වෙනුවෙන් තබා තිබුනා. "ඔයා නීතියෙන් මගේ වෙලා අදට අවුරුදු 13ක්. ඉල්ලන්න ඇත්තෙ එක දෙයයි....මැරෙණකල් මගේ ළඟම ඉන්න"

හෙවනැල්ලක් වන් ආදරයක.

උරුමක්කාරයෙක් වෙන හැම පිරිමියෙක්ම....

වාසනාවන්තයෙක් වන බව මම නුඹෙන් උගත්තෙමි!!!

ජීවිතයේ අසීරුම කාර්තුවකදී පවා, තනි නොකරන ප්‍රේමයක් ලග, අන්තිම හුස්ම හෙලන්නට තරම්.....

මා වාසනාවන්තයෙක් වුනු බව ඔබෙන් උගත්තෙමි!!!

සැබවින්ම ප්‍රාතිහාර්යක් සේ.....

නුඹේ උණුහුම මා ජීවත් කරවන්නට වෙහෙසෙන බව....

මා විශ්වාස කරමි!!!

ඉතින් එකී කොන්දේසිය මත....

මා නුඹට කොන්දේසි විරහිතව ආදරය කරමි!!!

ඡායාරූප- අමාල් රෝෂ්