‘ඔයා ඉස්සරට වඩා දැන් ලස්සනයි’ චිත්‍රාල් සෝමපාලට සුරූපී නිලි දිනක්ෂිට කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

අපේ රටේ විවිද ගයාන ශිල්පීන් ඉන්නවා, ඉතින් ඒ අතර ඉන්න ලෙජන්ට් එකක් තමයි චිත්‍රාල් සෝමපාල කියන්නේ. චිත්‍රාල් ලංකාවේ අතිශය ජනප්‍රිය වන්නේ ‘නදී ගංඟා තරණයේ’ ගීතය හරහායි. ඒ වගේම 2016 වසරේ ජනාධිපති සම්මාන උළෙලේ හොඳ ම පසුබිම් ගායනයට හිමි සම්මානය දිනාගත්තේත් ඔහු විසින්, ඒ අශෝක හඳගම නිර්මාණය කල ‘ඇගේ ඇස අග’ සිනමාපටයේ ‘ඇහැරෙන්න’ ගීතය වෙනුවෙන්.

චිත්‍රාල් කියන්නේ ලාංකේය සංගීත ක්ෂේත්‍රය තුළ නමක් රඳවපු පී.එල්.ඒ.සෝමපාලගේ සහ චිත්‍රා සෝමපාලගේ පුතා. චිත්‍රාල් ඉතින් ඔබත් තෝරාගත්තේ තාත්තගේ අඩිපාරේ යන්නද ”ඇත්තටම මම කැමති වුනේ නෑ මගේ අම්මයි තාත්තයි කරපු දේ ම කරන්න. ඒ නිසා මා තුළ සංගීතයට කිසි ම උනන්දුවක් තිබුණෙ නෑ. මට ඕන වුනේ වෙනස්ම දෙයක් කරන්න වෙනස්ම කෙනෙක් වෙන්න. කාලයත් එක්ක මම බරහිර සංගීතය පැත්තට යොමුවුනා. 1998 වසරේ මම ‘නදී ගංඟා තරණයේ’ වෙනස්ම විදියට ගායනා කරනවා. මුලින්ම සමහරු මාව විවේචනය කළා. හැබැයි අද වෙද්දී මට හොඳ ප්‍රසිද්දියක් ලැබිලා තියෙනවා”

චිත්‍රාල් සෝමපාල කියන්නේ නිතරම වගේ හැමෝම එක්ක සුහදව ඉන්න චරිතයක් ඒ වගේම ඔහු සමාජ ජාලා හරහාත් ගොඩක් ජනප්‍රියයි. ඉතින් මේ විදියට සමාජ ජාලාවල මේ දවස්වල අතිශය ජනප්‍රියව ඉන්න චරිතයක් තමයි දිනක්ෂි කියන්නේ. ඉතින් දිනක්ෂි පසුගිය දිනක දිනක්ෂි සමාජ ජාලාවලට එකතු කරලා තිබ්බ පින්තුරයකට අපූරු කමන්ට් එකක් දාලා තිබ්බා ඒ තමයි ‘I think I gave you a compliment that you are beautiful now than before ? (මම හිතන්නේ මම ඔයාව ප්‍රශංසාවක් දුන්නා ඔයා ඉස්සරට වඩා දැන් ලස්සනයි කියලා) ඒ වගේම ඒ කමන්ට් එකට දිනක්ෂිත් ස්තුති කරලා තිබ්බා. මේක දැකපු ගොඩක් අය කිවුවේ චිත්‍රාල් සෝමපාලට දිනක්ෂිව ක්‍රෂ් වෙලා කියලා. ඇත්තටම ලංකාවේ ගොඩක් තරුණයන්ගේ ක්‍රෂ් එක දිනක්ෂි කියලා හැමෝම දන්නා රහසක් මොකද ඇත්තටම ඇය ගොඩක් සුන්දරයි’