ඔබේ අඩුපාඩු හමුවේ හැර යන්නාට නොව රැදි සිටින්නාට ආදරය කරන්න
ආදරය කියන්නේ මොකද්ද කියලා ගොඩක් දෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි. ඒක හරි වෙනස් විදිහේ දෙයක් අපිට මුණගැහෙන පුද්ගලයෝ එක්ක ඒක වෙනස් වෙනවා. කොහොම වුණත් දුකට සැපට අපි ළඟම ඉන්න කීප දෙනෙක් ඕනම කෙනෙක්ගේ ජීවිතයේ රැදෙන්නේ සංසාරගත් පුරුද්දට කියලත් කියන්න පුළුවන්. මේ කතා කොහොම වුණත් ඕශධීටත් දැන් එයාගේ වටේ ඉන්න ආදරණීයයන් ගැන මතක් වෙලා වගේ.. කොහොම වුණත් අපේ අඩුපාඩුකම් මැද අපිව හරි මාර්ගයට යනකන් අපේ සෙවනැල්ල වගේ ඉන්නේ අපේම අය විතරයි.