ඒක මම විනෝදයටත් එක්ක කරපු සින්දුවක්. මම කැමති නැහැ එකම රාමුවකට කොටුවෙලා ඉන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නවක ගායන ශිල්පිනියක් වන බෙත්මි නිහිංසා වීරතුංග සිය තුන්වන ගීතය ළඟදීම නිකුත් කිරීමට නියමිතය. තවමත් උසස් අධ්‍යාපනය හදාරන ඇය විශාරදවරියක් වන්නේ ළමා අවධියේමය. අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රය වෘත්තීය කරගැනීමට සිතන ඇය සංගීතය තුළින්ද දිගු ගමනක් යෑමට අදහස් කරයි. බෙත්මි අප සමග එකතුවූයේ ඇගේ නවතම ගීතය පිළිබඳව සඳහන් කිරීමටය.

ඔබව හඳුන්වා දුන්නොත්?

මගේ නම බෙත්මි නිහිංසා වීරතුංග. මම අධ්‍යාපනය හැදෑරුවේ නුගේගොඩ සුජාතා විද්‍යාලයේ. දැනට මම ජෛව විද්‍යාව තාක්ෂණ උපාදියක් හදාරා මාලබේ horizon විශ්ව විද්‍යාලයේ උපාධිය ලබාගැනීමට සැරසෙමින් සිටිනවා. මම විශාරද විභාගය අවසන් කර 2017 වසරේදී විශාරදවරියක් වූවා.

සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කොහොමද?

මගේ මව සහ පියා මාව කුඩා කාලයේදීම සංගීතය පැත්තට යොමු කළා. මම දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේ සීසන් 08හි අවසන් 56 දෙනා දක්වාද පැමිණියා. මව සහ පියා මෙන්ම මගේ මල්ලිලා දෙන්නාද මගේ සංගීත කටයුතුවලට උදව් කරනවා. ඒ වගේම මල්ලිලාගේ යාළුවන්ගේ සංගීත වැඩවලටත් මම දායක වී තිබෙනවා.

ඔබේ පළමු ගීතය නිර්මාණය වන්නේ කොහොමද?

මම මගේ ප්‍රථම ගීතය ගයනා කරේ 2019 වසරේදි. ඒ සද පහන මෙන් ගීතය. ඒක අහමබයකින් වගේ සිද්ධ වුණු දෙයක්. මම ඩ්‍රීම් ස්ටාර් තරඟයට සහභාගි වුණාට පස්සේ මගේ පියාගේ යහළුවෙක් විසින් මට මගේ පලමු ගීතයට ආරාධනා කළා. ඒ ගීතය ජයන්තිමාලා පෙරේරා මහත්මිය විසින් රචනා කළ අතර තනුව ලහිරු පෙරේරා මහත්මයා විසින් සිදුකළා. ගීතය සංගීතවත් කළේ තිසල් රන්දුනු මහත්මයායි. මේ ගීතයේ සම්පුර්ණ වියදම දැරුවේ ගීතය ලියපු ජයන්තිමාලා පෙරේරා මහත්මිය විසින්. ගීතයේ රූප රචනාවට තරංග වීරවර්දන මහතා අනුග්‍රහය දැක්වූවා.

"ආදර මගේ බාරි" ගීතය පිළිබඳවත් පැවසුවොත්?

ඒක හාත්පසින්ම වෙනස් ගීතයක්. ඒක මම විනෝදයටත් එක්ක කරපු සින්දුවක්. මම කැමති නැහැ එකම රාමුවකට කොටුවෙලා ඉන්න. ඒ නිසා මගේ පියාගේ යාලුවෙක් විසින් රචනා කරන ලද බයිලා ගීතයක් කරන්න ඕන කියල හිතුණා. ඒක හොඳ ට්‍රේන්ඩ් එකක් වගේම නැවුම් වෙනසක් වේවි කියලත් හිතනවා. මේ ගීතය රචනා කරේ ලක්මාල් ප්‍රනාන්දු මහතා විසින්. මේ ගීතය ලැබුණු මොහොහෙතම මගේ මල්ලිගේ යාලුවෙකුට ආරාධනා කළා මේ ගීතය මා සමග ගයන්නත් තනුව සහ සංගීතය නිර්මාණය කරන්නත්. ඔහුත් නැගී එන දක්ෂ තරුණයෙක්. ඔහු නමින් මලීෂ දක්ෂිණ. මේ ගීතය දැන් හැමෝටම අහන්න පුළුවන් Bethmi Nihinsa කියන යූ ටියුබ් නාලිකාව හරහා.

ඔබේ තෙවෙනි ගීතය නුදුරේදීම නිකුත් වනවා. ඒ පිළිබඳව සඳහන් කරමු?

මගේ තෙවෙනි ගීතය පටන් ගත්තේ 2019 ජුනි මාසයේදී. නමුත් රටේ ඇතිවුණ වාතාවරණය නිසා ඒක එළිදක්වන්න ප්‍රමාද වුණා. මේ ගීතයේ නම 'එක්තරා ප්‍රේමයක්'. මේ ගීතයේ පද රචනය චිරාත් සේනිය සිරිවර්දන නම් තරුණ ගීත රචකයා සිදු කර තිබෙනවා. තනු නිර්මාණය අකිල බුවනෙක සිදු කළ අතර සංගීතය තවත් දක්ෂ තරුණයෙක් වන මහිරු සේනාරත්නගෙන්. මේ ගීතය ළඟදී ම මගේ රසිකයන්ට අහන්නට සලස්සන්න බලපොරෝතුවෙන් ඉන්නවා. එක්තරා ප්‍රේමයක් ගීතය මගේ ජීවිතයේ හැරුවුම් ස්ථානයක් වේවි කියලා මම හිතනවා.

බෙත්මිගේ අනාගත බලාපොරොත්තුව මොකද්ද?

ජෛව තාක්ෂණ විද්‍යා උපාධිය අවසන් කර අධිකරණ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය තුළින් ඉස්සරහට යන්න බලාපොරොත්තුව තිබෙන්නේ. ඒ වගේම වෙනස් වෙනස් ආකාරයේ ගීත කරන්නත් බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ වගේම බෙත්මි නිහිංසා නමින් YouTube නාලිකාව හරහා මගේ ගීත අහන්නත් මේ දවස්වල වැඩපිළිවෙලක් හදාගෙන යනවා

කැළුම් දේවින්ද