ඒ දෙන්නගේ එක හීනයක් හැබෑ වෙන්නයි යන්නේ
සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්රියසාද්. මේ දෙපළ නොදන්නා කෙනෙක් නොමැති තරම්. ඒ තරමට කලා ක්ෂේත්රයේ ජනප්රිය තරු යුවල අතර ඔවුන් ඉදිරියෙන්ම සිටිනවා. ඔවුන් කලක් තිස්සේ තම නිවාස සිහිනය සැබෑ කරගන්නට මහන්සි වෙනවා.
මීට වසරකට පමණ පෙර ඔවුන් නිවසක් හදන්නට මුල්ගල තැබූ බව ඔබ දැනටමත් දන්නවා ඇති. දැන් ඔවුන්ගේ නිවස ගොඩනැගෙමින් පවතිනවා. නිවසේ ඉහළ තට්ටුවට නැඟ මේ දෙපළ ඡායාරූපයක් අරගෙන අපූරු සටහනක් එක්ක සමාජ ජාලාවල පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය සහ සටහනයි.