ඒ කොල්ලා මට නුවරින් ලැබුණා - ශානිකා වනිගසේකර ආදරය ගැන කියයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

එළිමහන් ප්‍රසංග වේදිකාව තුළ කා අතරත් ජනප්‍රිය දක්ෂ ගායිකාවක් තමයි ෂානිකා වනිගසේකර.

ශානිකා කියන්නේ අද ඊයෙ කලා ලෝකයට ආපු කෙනෙක් නෙවෙයි. ඇය පුංචි කාලේ ඉඳන්ම තමයි ඒ කියන්නේ පාසල් යන කාලේ ඉඳන්ම තමයි ප්‍රසංග වේදිකාව ඇයගේම ජීවිතය බවට පත් කර ගත්තේ.

 ඇයට මේ වෙද්දි ආදරණීය දරුවන් තුන් දෙනෙකුගේ මවක් වෙන්නත් වාසනාව ලැබුණා. ඒ වගේම තමයි ශානිකා විවාහ වෙන්නේ ප්‍රේම සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් වශයෙන්.

ඇය විවාහ වෙන පුද්ගලයා විදුලි ආලෝක අංශයෙන් තමයි රැකියාව කරන්නේ. විවාහ වෙලා අභියෝගතා මැද දුක් කම්කටොලු මෑද අද වෙද්දි ජීවිතයේ එකටම ගමන් කරන්නට මේ දෙන්නට හැකියාව ලැබිලා තියෙනවා. ඇය මේ ප්‍රේම සම්බන්ධතාවය පටන් ගන්නේ පාසල් යන අවධියේදී කියලා තමයි ආරංචි වෙන්නේ. කෙසේ නමුත් අවුරුදු දාසය වගේ පුංචි කාලයක දී ඇය ආදරය වෙනුවෙන් එක්තරා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ උතුම් දළදා මාලිගාවට ගිහින්. මේ ඇය ඒ මතකය පිළිබඳව වැඩසටහනක් තුලදී හුවමාරු කරගත් අදහස් කීපයක්.

“ඒ වෙද්දි මට අවුරුදු දාසයක් වගේ. මගේ නෑනාගේ ගෙදර කට්ටියත් එක්ක අපි නුවර ට්‍රිප් එකක් ගියා. ඒ ගොල්ල බුද්ධාගමේ අය. ඒ ගොල්ලෝ මට කිව්වා ඔයා දළදා මාලිඟාවට පලවෙනි වතාවට යන නිසා මොනවා හරි දෙයක් ඉල්ලන්න ඉල්ලන දෙයක් හම්බ වෙනවා කියලා.

නුවරට මම ඉස්සර ඉදන්ම ආසයි. මට ඉතිං ඉල්ලන්න තේරෙන්නෙත් නෑ ඇත්තටම ඉතිං අපි පන්සලකට ගිහින් එහෙම ඉල්ලලා නෑනේ. මම ඊට පස්සේ අත් දෙක එකතු කරලා සාදු මට නුවරින් කොල්ලෙක් දෙන්න කියලා ඉල්ලුවා. මම නුවරට ආස නිසා එහෙම කළේ. ලැබෙන කාලෙක මට නුවරින් කොල්ලෙක් දෙන්න කියලා තමයි ඉල්ලුවේ. ඊට පස්සේ නුවරින් මට හම්බවුණා.”

ශානිකා ඇයගේ ඒ ආදරණීය පෙම්වතා හමුවුණ විදිහ පිළිබඳව සාකච්ඡාවක් අතරතුරේදී අදහස් දක්වලා තිබුණේ ඒ ආකාරයෙන්.